පොඩිත්තන්ට රස කෑම – බතල කේක්

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑමක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.

අල හෝ බතල කේක්

  • තම්බාගත් අල හෝ බතල ග්‍රෑම් 500
  • කඩල පිටි ග්‍රෑම් 50
  • පාන් පිටි ග්‍රෑම් 50
  • බිත්තර දෙකක්
  • නැවුම් කිරි මිලිලීටර් 30
  • බ්‍රොකලි ග්‍රෑම් 100,
  • සැමන් ග්‍රෑම් 100 ,
  • සිහින්ව ලියාගත් රතු ලූනු ගෙඩි කිහිපයක්
  • තෙල් මේස හැදි එකක්
  • මොසරැල්ලා චීස් මේස හැඳි දෙකක්
  • ලුණු ගම්මිරිස් රස අනුව

සාදන ක්‍රමය

ලුණු දමා තම්බා ගත් අල හොඳින් පොඩි කර ගන්න.එයට බිත්තර සහ පිටි වර්ග එකතු කර නැවුම් කිරි එක්කරමින් හොඳින් අනාගන්න .කිරි බාවිතයට අකමැති නම් වතුර එකතු කරන්නට පුළුවන.දැන් එළවලු මිශ්‍රණය තෙම්පරාදු කරගන්න .බඳුනක් ලිප තබා එයට තෙල් දමා රත් වෙන්නට හැර තෙලට ලියා ගත් ලුණු එක්කර ලූනු තැම්බෙන විට ලියාගත් අනෙක් දේවල් එකතු කර ගම්මිරිස් එකතු කරමින් හොඳින් තැම්බෙන්නට හරින්න.ලිප නිවා එළවලු තෙම්පරාදුව පසෙකින් තබන්න.රවුම් බේකින් ට්‍රේ එකක් ගෙන අනාගත් අල ඒ වටේට වැඩියෙන් සහ මැදට අඩුවෙන් සිටින සේ දමා මැදට එළවලු මිශ්‍රණය පුරවන්න. ඉතිරි ටික උඩින් අතුරා එම මිශ්‍රණය ඇලුමිනියම් කොලයකින් වසන්න. සෙල්සියස් අංශක දෙසීයට මිනිත්තු විස්සක් පමණ රත් කරන ලද අවන් එකක තබා උෂ්ණත්වය අංශක 180 ට අඩු කර මිනිත්තු දහයකින් පමණ එලියට ගන්න උඩ  ටික පාට වී ඇතිනම් කේක් එක නියම ගානට බේක් වී ඇති බව දැනගන්න . අවන් එකක් නැති කෙනෙකුට වුනත් මේ කේක් එක හදා ගන්න පුළුවන් .සාදාගත් මිශ්‍රණය බඳුනකට දමා පියනකින් වසා අඩු ගින්දරේ පිස ගන්න.  අවන් එකේ තරම් කාලය යන්නේ නැහැ. පොඩිත්තා ගේ පාසලට කදිමයි.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles