බෙඩ් ටයිම් ස්ටෝරි -24

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි …..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

දවල්ට ගෙදර කවුරුත් ම නැහැ .බබාලා ඉස්කෝලේ යනවා.අම්මල තාත්තල ඔෆිස් යනවා. ටීවී එකට හරිම පාළුයි එයාව බලන්න කවුරුත්ම නැහැ .ඉතින් ඔන්න ඔහොම කම්මැලිකමට ඉන්නකොට එයාට හිතුනා එයාගේ වැඩසටහන් කාට හරි පෙන්නන්න ඕන කියලා . එයා ටීවී ස්ටෑන්ඩ් එකෙන් බිමට බැහැලා හිමින් හිමින් සාලෙ දිගේ ඇවිදගෙන ආවා. එයා මුලින්ම දැක්කේ බිම පාපිස්නක් උඩ නිදාගෙන ඉන්න පූස්‍ රාළව.එයා පූස් රාලව ඉක්මනින් ඇහැරවලා මෙන්න මෙහෙම කිව්වා .මේ නිදාගෙන ඉන්න වට වඩා හොඳ නැද්ද ටීවී බලන එක.මේ වෙලා වේ හොඳ වැඩසටහනක් යනවා.එන්න බලන්න .පූස් හාමි ත් හරි බරි ගැහිලා වාඩි වුනා .ඔන්න ටීවී එක එයාගෙ වැඩසටහන ක්‍රියාත්මක කළා .ලොකු බල්ලෙක් බුරාගෙන
ස්ක්‍රීන් එකට ආවා.පූස් රාල කොච්චර බය වුණාද කිව්වොත් දුවන්නත් පාර මදි වුණා .හපොයි දැන් කවුද ඉතින් ටීවී බලන්නෙ .

ටී.වී එක තව ටිකක් ඉස්සරහට ගියා.එයා දැක්කා පඳුරක් අස්සේ මොනවද කරමින් හිටපු බලු රාලව. බලු රාලේ කම්මැලි කමටත් එක්ක ටීවී ටිකක් බලමු ,හොඳ වැඩසටහනක් යනවා මේ වෙලාවේ .බලුරාළ හරි බරි ගැහිලා වාඩි වුනා .ඔන්න ටී.වී එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.කලින් හිටියටත් වඩා ලොකු බලු රාල කෙනෙක් මෙන්න බුරාගෙන පැන්නා.අපේ බලුරාළ ත් නිකන්ම හිටියද ?අපෝ නැහැ.එයත් හරිම නපුරු වේශයක් මවාගෙන ටීවී එකට පැන්නා.ටී.වී එක කොච්චර බයවුනාද කිව්වොත් දුවල දුවල ගිහින් නැවතුනේ ටී.වී.ස්ටෑන්ඩ් එක උඩටම නැගලා. ඒත් බලුරාළ නම් සෑහෙන වෙලාවක් බුරමින් පහළ හිටියා.ආයෙමත් කවුරු හරි බලන්න ආවොත් මිසක් ඔහොම ගමන් නොයන්න ටී.වී එක නම් තදින්ම හිතට ගත්තා.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles