කීයක් හරි ඉතුරු කරන්න – සේවින්ග් ටිප්ස්.

අතට එන සල්ලි ටික නොදැනිම වාෂ්ප වෙන එක අපි බොහොමයක් දෙනා මුහුණ දෙන ගැටලුවක්.ඉතින් මුදල් එක්ක ගනුදෙනු කිරීම කියන්නෙ එතරම් පහසු වැඩක් නෙවෙයි.

මුදල් කළමනාකරණයේ දී අංග තුනක් ගැන සැලකිලිමත් විය යුතුයි .

1.ඉපයීම
2. ඉතුරු කිරීම
3.ආයෝජනය

මේ අවස්ථා තුනෙන් තොර ව ඔබට සාර්ථකව මුදල් කළමනාකරණය කර ගැනීමට බැහැ .එම අවස්තා තුනම සම්පූර්ණ වූ විට මෙන්න මේ ටිප්ස් ටික අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථක ඉතිරි කරන්නෙකු බවට පත් වෙන්න පුළුවන් . ඒ වගේම ආයෝජකයෙක්.උපයන්නෙක් බවටත් ….

  1. ඔබට ලැබෙන ආදායම සටහන් කරගන්න.
  2. ඔබේ වියදම් එකින් එක ලිස්ට් කරන්න.
  3. අවශ්‍ය අනවශ්‍ය වියදම් සියල්ල හඳුනා ගන්න .
  4. දැන් අනවශ්‍ය වියදම් එකින් එක කැපීම පටන් ගන්න.
  5. කරන්ට් බිල දුරකථන බිල වැඩි නම් ඊලග ඊළඟ මාසයේ ඒවා අඩු කරගන්නෙ කොහොමද කියලා කියලා දැන්ම සැලසුම් කරන්න .
  6. සමහර විට ඔබ අනවශ්‍ය තරම් මුදලක් කෑමට වියදම් කරනවා වෙන්න පුළුවන් .ඒ ගැන සොයා බලන්න.
  7. බැහැ කියලා දෙයක් නැති නිසා අනිවාර්යයෙන්ම අවම ගනනක් මුලින්ම ඉතිරි කරන්න
  8. දැන් ඉතිරි මුදලින් ඔබේ මාසික වියදම සකසා ගන්න .
  9. මේ මාසික වියදම සතියෙන් සතිය සැලසුම් කල විට ඔබට වඩාත් පහසුවෙයි.
  10. සතියකට අවශ්‍ය මුදල වෙනම වෙන් වෙන් කර තබන්න.
  11. එම මුදලෙන් කීයක් හෝ ඉතුරු උනොත් එය කෙළින් ම ඉතුරුම් වලට යවන්න .
  12. ඒ වගේම ඔබේ වර්තමාන රැකියාව ට අමතරව මුදල් ඉපයිය හැකි වෙනත් අවස්ථාවන් ගැන සැලකිලිමත් වන්න.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles