පොඩිත්තන්ට රස කෑම- බිත්තර වලින් රසට ලස්සනට.

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම නරක බලපෑමක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි .

බිත්තර බෝට්ටුව

අවශ්‍ය දේවල්

  • අවශ්‍ය පමණට බිත්තර
  • පිරවුම
  • කැරට් සිහින් තීරුවක්
  • ලූනු හෝ ලීක්ස් කොලයක්ක්‍
  • ක්‍රිස්කෝ බිස්කට් එකක්

සාදන ක්‍රමය.

බිත්තර තම්බන්න .එය දික් අතට කපන්න. එහි කහමදය හෝ වෙනත් මිශ්‍රණයක් හිස් කොටසට පුරවන්න.බිත්තර පලුවේ යටින් කුඩා කොටසක් කපන්න.ක්‍රිස්කෝ බිස්කට් එකක් තබා අල ක්‍රීම් ටිකක් තබා අලවන්න.ලූනු කොළයකින් හෝ ලීක්ස් ගසකින් ඔරුවක් ලෙස රුවල සකසන්න.කැරට් තීරුවක් ද යොදාගන්න පුලුවන් .

බිත්තර ක්‍රවුන්

අවශ්‍ය දේවල්

  • බිත්තර
  • ක්‍රිස්කෝ බිස්කට් එකක්
  • කැරට් කෝන් එකක්
  • ගම්මිරිස් ඇට
  • රෝස පාට කරගත් අලක්‍රීම්

සාදන ක්‍රමය 

බිත්තර තම්බා හරස් අතට දෙකට කපන්න.එය බිස්කට් එක මත අල ක්‍රීම් තබා අලවන්න .කැරට් කෝන් එකක් ආකාරයට කපා බිත්තර පලුව උඩ ටිකක් මැදින් කපා එහි සවි කරන්න.ඇස් වලට ගම්මිරිස් කැත තබන්න .නහයට අල ක්‍රීම් වලින් රෝස පාට තරුවක් තබන්න .

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles