බෙඩ් ටයිම් ස්ටෝරි – 27

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි …..
කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

අන්දරේගෙ කතා

ඔයාලට දැන් අන්දරේ  ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද?

ඔන්න දවසක් රජ බිසවට ඕන වුණා අන්දරේගෙ හාමිනේ ව බලන්න .රජ බිසව අන්දරේ ට කතා කලා.කතා කරල කිව්වා ,” අනේ අන්දරේ මට හරි ආසයි අන්දරේගෙ හාමිනේව බලන්න, එයා හරිම ලස්සනයි කියලා තමා ආරංචි .”

අන්දරේ මෙන්න මෙහෙම  කිව්වා .”බිසවුන් වහන්ස ඕක මොකක්ද මම හෙට ම එක්කගෙන එන්නම්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා .අපේ හාමිනේගේ කන ඩිංගක් ඇහෙනවා මදි. පොඩ්ඩක් විතර හයියෙන් කතා කරන්න වෙයි .”

ඕක මොකක්ද අන්දරේ මම කතා කරන්නම් කියලා රජ බිසව සතුටින් කිව්වා. ඔන්න අන්දරේ ගෙදර ගියා .ගෙදර ගිහින් හාමිනේ ට කිව්වා හෙට රජ බිසව හමුවෙන්න යන්න වෙනව කියල . හාමිනේටත් හරිම සතුටුයි .එයා කවදාවත් රජවාසලට ගිහින් තිබුනේ නෑ .ඒත් අන්දරේ මෙන්න මෙහෙම කිව්වා .”බිසවගේ කන ඇහෙනවා පොඩ්ඩක් අඩුයි ,ඔහේ ටිකක් හයියෙන් කතා කරන්න නැත්තං ඇහෙන්නේ නැති වෙයි “. හාමිනේත් ඔලුව වනල එකඟ වුණා .

ඔන්න පහුවෙනිදා රජ රජ මාලිගාවේ එකම එක ඝෝෂාවයි .රජ බිසවයි   අන්දරේගේ හාමිනේයි දෙන්නා හරි හරියට කතා කරනවා .රජතුමාටත් මේ ඝෝෂාව ඇහුණා .රජතුමා ට හොඳටම කේන්ති ගියා. ඉක්මනින්ම රජ බිසව ටයි අන්දරේගේ හාමිනේ ටයි රජතුමා බැහැ දකින්න එන්න කිව්වා . මහ හයියෙන් කතා කරන්න හේතුව රජතුමා කෝපයෙන් ඇහුවා .

අන්දරේ ගේ හාමිනේගෙ කන ඇහෙන්නේ නැති බව රජ බිසව කියද්දී  අන්දරේගේ හාමිනේගෙ ඇස් දෙක විශාල වුණා. එයා ඉක්මනින්ම කිව්වා රජ බිසවගේ කන් ඇහෙන්නැති බවත් අන්දරේ තමන්ට කියපු බව . රජතුමාට වෙච්චි දේ වැටහුණා .හැමෝටම හොඳටම හිනා .

ඔන්න ඔහොමයි කවට අන්දරේ  පුංචි හමුවීමක් රස ගුලාවක් බවට පත් කළේ

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles