ලේසියට පහසුවට කුකරි රහස්!

  • මිරිස් බදින කොට මිරිස් කරල ටිකක් සිදුරු කරලා හෝ කඩලා බදින්න. නැතිනම් පුපුරලා අනතුරු වෙන්න ඉඩ තියෙනවා.
  • ගාපු පොල් බෑයක කොටසක් ඉතුරු නම් එහි ලුණු කුඩු ටිකක් ගාලා තියන්න. නරක් වෙන්නෙ නෑ.
  • දෙහි වල යුශ සියල්ලම මිරිකා ගන්න නම් දෙහි ගෙඩිය පාවිච්චියට කලින් උණු වතුරට දමා තියන්න.
  • උකු පොල් කිරි ලබා ගැනීමට පොල් කිරි මිරිකද්දී පොල් වතුරත් කලවම් කරගන්න.
  • කරවල හොදි හදන කොට කරවල කෑලි කුඩාවට කැපූ විට හොද්දට හොඳ රසක් එන අතර හොද්ද උකු වෙනවා.
  • කරවල හොද්දට ගොරකා නැති නම් බිලිං ටිකක් එකතු කරන්න.
  • දෙහි වාරෙ ලුණු දෙහි හදනකොට ලිපේ තියලා හදන ක්‍රමේට වඩා අව්වේ තියලා හදන ක්‍රමය තෝරගන්න. දින කීපයක් ගියා වුනාට රස වගේම කල් පැවැත්ම වැඩියි.
  • හොද්දට දැමීමට උළුහාල් බදින විට ලිප නිවලා කරපිංචා රම්පෙ කුඩාවට කපා එකතු කරගන්න.
  • බණ්ඩක්කාවල නැටි කඩා අසුරා තියන්න.
  • වම්බටු උයන විට සුදු ළූණු ටිකක් වැඩිපුර එකතු කරගන්න.
  • කොල වර්ග ශීතකරණයෙ දැම්මම ටික දවසක් යනකොට වේලෙනවා. කහ පැහැ‍යට හැරෙනවා. වෙළදපොලෙන් ගේන පලා වර්ග සෝදා තෙත මාත්තු කර කඩදාසි කොලයක ඔතා ෆ්‍රිජ් එකට දාන්න.

Related Articles

Don't Miss


Latest Articles