ඔබේ දරුවාට කියවීම හුරු කරන්න නම්..

බොහෝ දෙමාපියන්ට තිබෙන ගැටලුවක් තමා දරුවන්ගේ පොත් තෝරා ගැනීම . අතට අහු වෙන ඕනෑම පොතක් දරුවාට දෙනවාට වඩා ඔහුට ඇයට ගැලපෙනම පොත තෝරා දීමට හැකි නම් ඔහු ආසාවෙන් කියවන්නෙක් වේවි .නැත්නම් පොත් කියන්නෙ හරිම නීරස දෙයක් බව දරුවන් සිතනවා.

දරුවාගේ  රීඩින් ලෙවල් එක වටහා ගන්න .

බොහෝ දරුවන් අකුරු අහුලමින් කියවන අය . බොහෝ අය වේගයෙන් ඉක්මනින්  කියවන අය . අකුරු අහුලමින් කියවන කෙනෙකුට ඔබ අකුරු වලින් පිරුණු පොතක් දුන්නොත් එය  හරි ම නීරස අත්දැකීමක් . ඒ විතරක් නෙවෙයි ,කතාවේ අගක් මුලක් මතකත් නැහැ .
අකුරු අහුලමින් කියවන කෙනෙකුට ගැලපෙන්නෙ ඉතාමත් අඩුවෙන් අකුරු තියෙන පොත් . ඒ වගේම කෙටි වාක්‍ය තිබිය යුතුයි .දිග වචන නොතිබිය යුතු යි .කතාව වගේම චිත්‍ර ඉතාමත් ආකර්ෂණය වෙන්න ඕනි .කියවීම ආරම්භ කරන වයසේ දරුවන් වෙනුවෙන් නිතර ම පින්තූර කතා පොත තෝරා ගැනීම කිරිම ඉතාමත් සුදුසුයි .කතාව හරිම කෙටියෙන් තියෙන්නේ . පින්තුරේ ලොකු කතාවක් කියනවා.ඒ නිසා පොත මිල දී ගැනීමට පෙර  පළමුව දරුවාගේ තත්ත්වය තේරුම් ගන්න .

දරුවා කැමැති ශානරයන් තෝරා දෙන්න .

දරුවා වීර කතා කතා කියවන්න කැමති කෙනෙක් නම් ආරම්භක අවස්ථාවේ ඒ පොත් ලබා දෙන්න .සුරංගනා කතා දිරිගැන්වීම් කතාවක් විහිලු කතා,ප්‍රබන්ධ නොවන කතා  වගේ ශානරයන් බොහොමයක් තිබෙනවා ආරම්භක අවධියේ කරුවා මින් කුමකට ද කැමති කියා ඔබට අධ්‍යනය කිරීම සිදුවනවා.

විනෝද  කතා වලට වැඩි ඉඩක්.

අධ්‍යනයන් පෙන්වා දෙන්නේ දරුවනට් නිතර හිනායන,ඔවුන්ව විනෝදෙන් තබන කතාන්දර වලට හරිම කැමති බවයි .ඉතින් ආරම්භක අවස්ථාවේ දී ඔහුට කියවීම හුරු කරවීම ට මෙවන් කතා ලබා දීමට ඔබට හැකියි .

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles