ඊළඟ සංචාරය රිටිගලට යමු..

අප සියලුම දෙනා සංචාර කිරීමට මහත් රුචියක් දක්වනවා.ඉතින් හරියට ම විස්තර දැන ගෙන සංචාරයේ යෙදීමට හැකි නම් එහි වටිනාකම තවත් වැඩි යි.ඔබගේ ඊළඟ සංචාරය වෙනුවෙන් තමයි අපේ මේ සටහන…

රිටිගලට චාරිකාවක්

රිටිගල ගැන ඔබ අසා තියෙනවා.ඒ වගේම රිටිගල පිළිබඳව විවිධ මත තිබෙනවා.එයින් එක් මතයක් වන්නේ රිටිගල යනු යක්ෂ ගෝත්‍රිකයන් විසූ ප්‍රදේශයක් බවයි.
එසේම රාමායන කතා පුවතේ දැක්වෙන පරිදි රාම් කුමරුගේ බාල සොයුරු ලක්ෂ්මන් සටන් බිමේදී තුවාල ලැබීම හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කිරීමට හනුමාන් හිමාලයේ ඖෂධ කඳක් රැගෙන ආ අතර එම කන්දෙන් වැටුණු කොටසක් රිටිගල වශයෙන් වන බව පවසනවා.

කෙසේ නමුත් රිටිගල කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් ගේ මහත් ආකර්ශනයට බඳුන් වූ භූමි භාගයක් .

ඈත සිට නැරඹීමේදි රිටිගල කඳු පන්තිය නිදාගත් යුවතියක ගේ ස්වරූපයක් පෙන්වනවා. එමනිසා විදේශිකයින් sleeping beauty ලෙස රිටිගල හඳුන්වනවා.

ඉංග්‍රීසි පාලන සමයේ දී ජේම්ස් මැනිවල් නම්  මිනින්දෝරුවා විසින් මාස තුනක් පමණ කාලයක්  නැවතී මෙහි මිනුම් කටයුතු කර තිබෙනවා.රිටිගල මුහුදු මට්ටමේ සිට මීටර් 766ක උසකින් පිහිටා තිබෙනවා.

මෙම කන්ද තවත් කඳුපන්ති කිහිපයකින් සමන්විතයි .

රිටිගල වනය තුල අලින්,වලසුන්, දිවියන්, ගෝනුන් සිටිනවා.මොර, කැන්ද ,ඇටඹ හල්මිල්ල ගස් වලින් මෙම වනාන්තරය පොහොසත් .ඒ වගේම කුරුලු සහ සමනල විශේෂ වලින් වනය තවත් අලංකාර වනවා.

එසේම රිටිගල ආශ්‍රිතව බොදු පුරාවෘත්ත රැසක් අපට දක්නට ලැබෙනවා.ආරාම පොකුණු ,නාන කාමර ආදියෙන් දියුණු ඉදිකිරීම් පද්ධතියක් එහිදී අතීතයේ තිබූ බව සනාථ කරමින් පවතිනවා.

ඔබගේ ඊළඟ සංචාරයේ දී දරුවන් සමග අප ගේ උරුමයන්ගෙන් පොහොසත් රිටිගල වෙතට සංචාරය කරන්නේ නම් සංචාරයට පෙර මේ කරුණු දරුවන්ට කියා දීමට ඔබට හැකියි නේද?

 

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles