පොඩිත්තන්ට රස කෑම – ක්‍රීම් චීස් ස්ට්‍රෝබෙරි කුකීස්

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම නරක බලපෑමක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.

 

ක්‍රීම් චීස් ස්ට්‍රෝබෙරි කුකීස්

අවශ්‍ය දේවල්.

  • ස්ට්‍රෝබෙරි කෝප්පයක්
  • බටර් කෝප්ප බාගයක්
  • ලොකු බිත්තර එකක්
  • ලෙමන් යුෂ මේස හැදි එකක්
  • පිටි කෝප්ප දෙකක්
  • බේකින් පවුඩර් තේ හැඳි භාගයක්
  • දුඹුරු සීනි කෝප්ප කාලක්
  • සුදු සීනි කෝප්ප බාගයක්
  • අමතර  සුදු සීනි මේස හැදි එකක්
  • ලුණු තේ හැඳි භාගයක්
  • අයිසිං සීනි මේස හැඳි තුනක්
  • ක්‍රීම් චීස් මේස හැදි තුනක්
  • වැනිලා තේ හැදි එකක්
  • ලෙමන් බින්දුවක්

සාදන ක්‍රමය.

ස්ට්‍රෝබෙරි  කැබලි ,ලෙමන් යුෂ හා සීනි කලවම් කර මිනිත්තු දහයක් තබන්න .පිටි ලුණු සහ බේකින් පවුඩර් කලවම් කරන්න. එය  හලා ගන්න. වෙනත් බඳුනකට බටර් දුඹුරු සීනි සහ සුදු සීනි එකතු කර ගසා ගන්න .එයට නැවතත් බිත්තර වැනිලා එකතු කර ගසාගන්න.එම මිශ්‍රණය හොඳින් ගසාගත් පසු පිටි මිශ්‍රණය කලවම් කරන්න. අවසානයේ කලින් සාදා ගත් ස්ට්‍රෝබෙරි සීනි මිශ්‍රණය එකතු කර ලී හැන්දකින් කලවම් කරන්න.වෙනත් බඳුනකට ක්රීම් චීස් හා අයිසිං සීනි මේස හැදි තුනක් ලෙමන් යුෂ බිංදුවක් පමණ දමා කලවම් කරන්න.බටර් ගා පාන් පිටි ඉසගත් බේකින් තැටියක අයිස්ක්‍රීම් ස්කූප් එකකින් හෝ මේස හැන්දකින් මිශ්‍රණය පරතරයක් එන ලෙස තබන්න .හැන්දෙන් තරමක්  මතුපිට තුනී කරන්න. දැන් ඒ මතට creaක්‍රීම් චීස් මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයේ බිංදුවක් තබන්න එය අවන් එකක තබා සෙන්ටිග්‍රේඩ් 160ක උෂ්ණත්වයක මිනිත්තු විස්සක් පමණ බේක් කරන්න .

Related Articles

Don't Miss


Latest Articles