නිවස හැඩ කරන ඔටෝමාන් කුෂන්ස්..

තමන් ජීවත් වෙන නිවස සොඳුරු ලස්සන තැන කරගන්නට අකමැති කෙනෙක් අපිට හමුවන්නේ කලාතුරකින්. වෙළඳ පොළේ ඇති විවිධ ද්‍රව්‍ය අතරින් තමනට අවශ්‍ය මොනවද කියලා තෝරා ගැනීමේ හොඳ ඉවක් ඔබ සතුව තිබිය යුතුමයි . ඉතින් විවිධ වර්ගයේ හැඩතල වලින් යුත් එවගේම අසුන් ගත හැකි ලෙස සකසා ගත හැකි මේ කුෂන් ඔබේ නිවසට අලංකාර පෙනුමක් රැගෙන ඒවි.

ඔටෝමන් කුෂන් කියන්නේ ප්‍රමාණයෙන් විශාල කුශන් වර්ගයක් .මේවා විවිධ ප්‍රමාණයන්ගෙන් වගේම විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණය කරනවා .රවුම් හැඩයෙන් කොටු හැඩයෙන් ඕවලාකාර හැඩයෙන් ඇතුළු විවිධ හැඩතල වලින් හැඩතල වලින් මේවා මිලදී ගන්නට පුළුවන් .

නිවසේ විසිත්ත කාමරයට රූපවාහිනිය නරඹන ස්ථානයට පුස්තකාලයට මේ කුෂන් හරිම ලස්සන පෙනුමක් එකතු කරනවා .ඒ වගේම කුෂන් කිහිපයක් එකතු කර ලස්සනට සකසා ගත් වෙන ම ස්ථානයක් ද සකසා ගන්නට පුළුවන්.

දුව පැන නටන දඟකාර වයසේ සිටින  සිටින දරුවන්ගේ කාමරවලට මෙම කුශන්ස් හරිම ප්‍රයෝජනවත් .වෙනත් භාණ්ඩ   වගේ  හයිය නැති නිසා දරුවන්ගේ ඇඟේ වැදුනොත්  තුවාල සිදුවන්නේ නැහැ .

ඒ වගේම අඩු වියදමකින් වැඩි අලංකාරය ක්,වෙනසක් පහසුවෙන් ම නිවසට එකතු කරගන්නට පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles