බෙඩ් ටයිම් ස්ටෝරි – 28

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි …..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

මහදැනමුත්තාගෙ කතා

වී ඉහපු හැටි

මහදැන මුත්තයි එයාගේ ගෝලයෝ යි එකතු වෙලා කුඹුරක් වගා කරන්න සූදානම් කළා .ඔන්න වී ඉහින්න කාලය ආවා .හරියටම වැඩේ කරන්න නම් කුඹුර පාගන්නේ නැතුව වී ටික ඉහින්න ඕනේ. එතකොට අස්වැන්න සරු සාර වෙනවා . මහදැන මුත්තා ඉතින් කුඹුරු නොපාගා වී ඉහින ක්‍රමයක් කල්පනා කළා .එයාට හොඳ අදහසක් ආවා .
ඉක්මනින්ම මැස්සක් හදන්න කියලා එයා ගෝලයින්ට කිව්වා .ගෝලයෝ ලහි ලහියේ මැස්සක් හැදුවා .මහදැනමුත්තා  වී භාජනය සමග මැස්සට නැග්ගා  .ගෝලයෝ එයාව කර ගහගෙන කුඹුර වටන ගහගෙන කුඹුර වටේ ඇවිද්දා ඔන්න ඔහොම තමයි මහදැනමුත්තා  කුඹුර පාගන්නේ නැතුව වී ඉස්සේ

Related Articles

Don't Miss


Latest Articles