බෙඩ් ටයිම් ස්ටෝරි -30

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි …..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

මිත්‍යා හරි අමුතුම තොප්පියක් දැක්ක.මේ තොප්පිය නිකම් එකක් නෙමෙයි .ඒක ඇවිදින එකක්.අනික ඒ තොප්පිය නිත්‍යා ගෙ පස්සෙන්මයි ආවේ .ඉතින් නිත්‍යා ට බය හිතුනා .ගෙදර කවුරුත්ම හිටියෙත් නැහැ .එයා ඉක්මනින්ම මේසයක් උඩට නැග්ගා.මෙන්න තොප්පියත් මේසේ  උඩටම නැග ගත්තා .

අම්මා පොළට ගිහින්.තාත්තා ගොවිපලේ වැඩ . අයියා ඉස්කෝලේ ගිහින් .හරිම වැඩේ.නිත්‍යා ආයෙමත් මේසෙන් බැහැලා දුවන්න පටන් ගත්තා තොප්පියත් ඇය පසුපසම හඹා  ආවා .එක්වරම නිත්‍යා කකුල පැටලී බිම වැටුණා .තොප්පිය නිත්‍යා ළඟටම ඇවිත් නැවතුනා . පුංචි කකුල් හතරක් තොප්පියට යටින් පෙනෙන බව නිත්‍යා දැක්කා .ඒ කකුල් නම් එයාට පුරුදු කකුල්  ටිකක් . නිත්‍යා  ට හිනා ගියා .තොප්පිය ඇතුලේ   හිරවෙලා හිටියේ පූස්‍ රාල.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles