ලුණු දෙහි හදමු..

අවශ්‍ය ද්‍රව්‍ය :

  • දෙහි ගෙඩි කිහිපයක්
  • සීනි මේස හැදි 2
  • ලුණු කුඩු
  • විනාකිරි කෝප්ප 1/2
  • කෑලි මිරිස් මේස හැදි 11/2
  • කොච්චි හෝ මිරිස් කරල්

සාදන ක්‍රමය :

  • දෙහි ගෙඩි උණු ජලය භාජනයක දමා විනාඩි 5ක් පමණ තම්බන්න
  • වතුර බේරා ගන්න.
  • ඉන්පසු තීරු වලට කපන්න.
  • විනාකිරි වලට , සීනි, කෑලි මිරිස්, රස අනුව ලුණු දමා රත්කර දෙහි එක්කර මද ගින්නේ විනාඩි 10 ක් පමණ තම්බා ගන්න.
  • කොච්චි එක්කරන්න.
  • රස අනුව සීනි සහ ලුණු දමා ගන්න.
  • ජීවාණුහරණය කළ බෝතලයකට දමන්න.
  • සතියක් දෙකක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles