සැලෝන් යන්න බැරි කාලේ ලස්සනට ඉමු..

දිනපතා ඇඟ සේදීමේදී දවසට එක් වරක් සිනිඳු රෙදි කඩක සබන් තවරා ඇඟ අතුල්ලන්න.බෙල්ල, අත්යට, වැලමිට වගේ කළු වෙන තැන් විශේෂයෙන් මේ ආකාරයෙන් පිරිසිදු කරන්න. හැබැයි අතේ මුළු හයියම දාල අතුල්ලන්න එපා. යන්තම් හම ස්ක්‍රබ් වෙන විදියට කරන්න. මැරුණු සම ඉවත් වෙන්න වගේම දවස පුරා ඇඟේ රැඳෙන කුණු දූවිලි ඉවත් කරන්නත් මේ ක්‍රමය සාර්ථකයි. 

වියලි සමක් ඇති යුවතියක් නම් ඔබට ඉඳුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර එයට කුඩු කරගත් සීනි තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් එක් කර මුහුණේ ආලේප කර හෙමිහිට කවාකාරව ස්ක්‍රබ් කරන්න.

තෙල් සහිත සමක් ඇති යුවතියක් නම් කහපාට දොඩම් ලෙලි ගෙන කුඩු කරගත හැකි මට්ටමට පවනේ වේලා කුඩු කරගන්න. දොඩම් කුඩු මේස හැන්දකට මී පැණි තේ හැන්දක් එක් අර මුහුණේ තවරා කවාකාරව ස්ක්‍රබ් කරන්න.

මතක තබා ගන්න විනාඩි දෙකකට වඩා ස්ක්‍රබ් කිරීම සුදුසු නෑ වගේම ඇස් වටා ස්ක්‍රබ් කරන්නෙත් නෑ.

පිටින් විතරක් එක එක දේවල් ආලේප කරල විතරක් මදි. අපේ ඇඟ ඇතුලෙනුත් අපි සමේ පෝශණයට අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕනේ.
හැකි තරම් වතුර බොන්න. සමේ නිරෝගීකම වගේම තරුණ බව පවත්වගෙන යන්න සමේ තෙතමනය ආරක්ශා කර ගැනීම ඉතාම වැදගත්. හැකි හැමවිටම තේ කෝපි වගේ කැෆීන් අඩංගු දේවලින් ඈත් වෙලා රණවරා මල්, බෙලිමල් වගේ ඖශධීය ගුණයෙන් යුතු දේවල් පානය කරන්න. රණවරා මල් බීමෙන් ඇඟේ උශ්ණත්වයද අඩු කරනවා වගේම සම පැහැපත් වෙන බවට මතයක් තිබෙනවා.
 

Related Articles

Don't Miss


Latest Articles