හෙට වෙනුවෙන් අද වවන්න-බණ්ඩක්කා

ඔබ දන්නවා කොරෝනා වෛරසය නිසා අප හැමෝගෙම ජීවිතය ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා .ආහාර පාන ලබා ගැනීමට තව දුරටත් මුදල් කියන්නේ ඉහළ ම සාධකයක් නෙවෙයි.ඉතින් මේ ලැබෙන විවේකයේ සුලුවෙන් හරි වවාගමු නේද?

  • වල් පැළෑටි ඉවත් කර පස්සේ හොඳින් බුරුල් කර සියුම් බුරුල් කර සියුම් සකසා ගන්න.
  • සෙන්ටි මීටර් 30 ක වළවල් සකස් කර ගන්න .පේලි අතර පරතරය සෙන්ටි මීටර් 90 ක්ද පේලිය තුල පැල අතර සෙන්ටි මීටර් 60 ක පරතරයක් ද තබා ගන්න.
  • පැල සිටුවීමට දින තුනකට පමණ පෙර කාබනික පොහොර පස් සමඟ මිශ්‍ර කර වලවල් පුරවන්න.
  • පැල සිටුවා සති හතරකින් සහ හතකට පසු පොහොර යොදන්නට අවශ්‍යයි .
  • අස්වනු නෙලන විට ශාකයෙ පහල පත්‍ර කපා දමන්න පළමු අස්වැන්න මාස දෙකක දී පමණ ලබා ගන්නට පුළුවන්.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles