ගෙදර ඉන්න බලු සුරතලාට රසවත් කෑමක් හදන අපූරු රෙසිපියක්.

ඩෝග් ෆුඩ්ස් විතරක්ම කන ගෙදර බලු පැංචන්ට රස කෑමක් ස්මාර්ට් විදියට හදලා බලමු ද? මේ විදියට කෑමක් හදලා පාරේ ඉන්න සුනඛයන්ට ඉඳහිට ආහාර වේලක් දෙන්නත් ඔබට පුලුවන්. ඒකත් හොඳ ස්මාර්ට් වැඩක් වගේම ඔබට සතුට ලැබෙන වැඩක් වේවි

අවශ්‍ය ද්‍රව්‍ය-

  • වතුර කෝප්ප 6
  • චිකන් ග්‍රෑම් 300
  • හාල් කෝප්ප  2
  • මිරිස්කුඩු තේ හැඳි 1
  • ලුණු
  • කහකුඩු තේ හැඳි 1/2
  • වට්ටක්කා කප් 1/2
  • චොප්කරගත් කැරට් කෝප්ප 1/2
  • කොළ වර්ගයක්

 සාදන අන්දම-

  • භාජනයකට වතුර දමා ලිප තබා චිකන් තැම්බීමට තබන්න.
  • හාල් එක් කරන්න.
  • ලුණු, මිරිස්කුඩු, කහකුඩු එක් කරන්න
  • ලුණු ස්වල්පයක් පමණක් එක් කරන්න. සුනඛයන්ට ලුණු එතරම් ගුණ නැහැ.
  • මේ සියල්ල මිනිත්තු විස්සක් පමණ හොඳට තැම්බෙන විට කපාගත් එළවළු හා කොළ එකතු කරන්න.
  • මිනිත්තු දහයකට පමණ පසු ලිපෙන් බාගන්න

Related Articles

Don't Miss


Latest Articles