Little chef -1

පුංචි ළමයි හරිම ආසයි කෑම බීම හදන්න. ඇත්තටම ඒක ඉතාමත් හොඳ පුරුද්දක් වගේ ම ජීවන කුසලතාවයක්.ඉතින් ඉතාමත් පහසුවෙන් ම නිවසේ දී සකසා ගන්න පුළුවන් රසවත් කෑම එකතුවක් ඔවුන් වෙනුවෙන් ඔබටගෙන එන්නයි අපේ මේ සූදානම.ඉතින් ඔබේ ආදරණීය සහයෝගය ලබා දෙන්නත් අමතක කරන්න එපා ..

රසවත් අතුරුපසක්

අවශ්‍ය දේවල්

  • රතු කහ කොළ පාට වලින් ජෙලි පැකට් තුනක්
  • කුඩු කර ගත් කජු ග්‍රෑම් 50
  • කුඩාවට කපාගත් පුහුල් දෝසි
  • වියළි මිදි ග්‍රෑම් 50 ක්
  • ටින් කිරි කෝප්ප තුනක්
  • චෙරි ගෙඩියක්
  • වතුර කෝප්ප තුනක්

සාදන ආකාරය

  • ජෙලි පැකට් තුන වෙන වෙන ම සාදා ගන්න.
  • දැන් මුලින්ම රතු පාට ජෙලි එක ගෙන එය කැබලි වලට කපා ගන්න .
  • එම කැබලි බ්ලෙන්ඩරයට දමා එයට ටින් ටිං කිරි කෝප්පයක් ද වතුර කෝප්පයක් ද දමා හොඳින් මිශ්‍ර කරන්න .
  • වෙන සුවඳ ද්‍රව්‍ය ඇතුළත් කරන්නට අවශ්‍ය නැහැ
  • දැන් බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය විනි විද පෙනෙන බඳුනකට දමන්න .
  • බදුන වටේ බටර් ටිකක් ආලේප කරගැනීමෙන් පහසුවෙන් ගලවා ගන්නට පුලුවන් .
  • කජු කුඩු, පුහුල් දෝසි, පුහුල් දෝසි කෑලි, වියලි මිදි වලින් කොටසක් එය මත ඉසින්න .
  • දැන් සෙට් වීම සඳහා ශීතකරණයේ තබන්න .
  • අනෙක් පාටවර්ග සදහාත් මෙලෙස ම කරන්න .
  • සෑම තට්ටුවක් ම සෙට්වීම සදහා වෙන වෙනම තබන්න.
  • තට්ටුවෙන් තට්ටුව කජු පුහුල් දෝසි අතුරන්න.
  • පොඩිත්තන් කැමතියි විවිධ වෙනස්කම් ,අලුත් දේවල් කරන්නත්.ඒ නිසා දෙවන වර ඔවුන්ගේම රෙසිපියක් ලෙස යම් යම් වෙනස්කම් කරන්නට අවස්ථාව දෙන්න .
  • සෑම අමුද්‍රව්‍යයක්ම සේම ඒවා ගත් ප්‍රමාණයන් සටහනක් තබාගන්න .

Related Articles

Don't Miss


Latest Articles