Little chef -2 වොන්ඩර් බාර් හදමු..

පුංචි ළමයි හරිම ආසයි කෑම බීම හදන්න .ඇත්තටම ඒක ඉතාමත් හොඳ පුරුද්දක් වගේ ම ජීවන කුසලතාවයක්.ඉතින් ඉතාමත් පහසුවෙන් ම නිවසේ දී සකසා ගන්න පුළුවන්  රසවත් කෑම එකතුවක් ඔවුන් වෙනුවෙන් ඔබට ගෙන එන්නයි අපේ මේ සූදානම .ඉතින් ඔබේ  ආදරනීය සහයෝගය   ලබා දෙන්නත්  අමතක කරන්නත් එපා ..

අපිට පුරුදු  නිතරම වොන්ඩ බා කඩෙන් මිලදී අරගෙන කෑමට නේ.ඉතින් වෙනසකටත් එක්ක ගෙදර ගෙදර ම හදලා බලමු නේද ?

අවශ්‍ය දේවල්

  • ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2,
  • කිරි පිටි මේස හැදි 2
  • කෝන් පිටි මේස හැදි 2
  • සීනි මේස හැදි 3
  • වැනිලා තේ හැදි 2
  • චොකලට් බාර් 2(200g)
  • කජු ටිකක්

මෙන්න මෙහෙමයි හදා ගන්නෙ ….

  • කෝන් පිටි මේස හැදි දෙක කිරි කෝප්ප කාලකට දාලා කැටි නැති වෙනකම් හැදි ගාන්න
  • කිරි කෝප්ප දෙකක් ලිපේ තියලා කිරි ටික රත් වෙනකොට කිරි පිටි මේස හැදි දෙකයි සීනි මේස හැදි 3යි එකතු කරලා හොඳට හැදි ගාන්න.
  • සීනි වෙනුවට කැමති නම් මිල්ක්මේඩ් හෝ සීනි සහිත උකුකිරි,දිය කරගත් හකුරු එකතු කරන්න.
  • කිරි ටික යන්තම් බුබුලු දාගෙන එනකොට අර මුලින් හදපු කෝන් පිටි මිශ්‍රණය එකතු කරන්න.
  • දිගටම හැදි ගාමින් කිරි ටික හොඳට උකු වූ පසු ලිපෙන් බා ගන්න.
  • දැන් කිරි ටික රත්කල බදුනෙන් අයින් කර ජෝගුවකට දමා හැදි ගාමින් නිවාගන්න.
  • හොඳට නිවුන අයිස්ක්‍රීම් මිශ්‍රණය  අයිස්ක්‍රීම් මෝල්ඩ් වලට දා ගන්න(මෝල්ඩ් නැත්නම් ගෙදර තියෙන චූටි කෝප්ප වලට දා ගන්න )
  • දැන් පැය 6ක් 7ක් හරි මුලු රැයක් හරි ෆ්‍රීසර් එකේ තියන්න
  • අයිස් බාර් ටික එලියට ගන්න පැයකට විතර කලින් චොකලට්  ඩබල් බොයිල් කර ගන්න
  • දැන් දිය වුන චොකලට් ටික ටිකක් උස කෝප්පෙකට දමා නිවෙන්න තබන්න .
  • අයිස් බාර් ටික එකින් එක පරිස්සමෙන් ගලව ගන්න .
  • ගලවා ගත් අයිස් බාර් එක දිය කරගත් චොකලට් දියරයේ එක වරක් ගිල්වා ගන්න.
  • චොකලට් තැවරුණු චොකෝ බාර් එක වේලෙන්න කලින් පොඩියට කපා ගත්තු කජු ටිකක් තවර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles