අද උයන්නේ මොනාද කියල හිතලම එපා වෙලාද? මෙන්න එහෙනම් ඔබට ගැලපෙන විසදුමක්

අපි ඔය කෑමම පෙරේදත් කෑවනේද? එහෙම නැතිනම් කාටද ඔහොම කැම හැමදාම කන්න පුළුවන් වගේ මැසිවිලි ඔබේ නිවසෙත් නිතර ඇසෙනවා ඇති. ඒ නිසාම හැමදාම උයන්න සූදානම් වෙන කොට උයන්නෙ මොනාද කියල කල්පනා කරලම ඔබට එපා වෙලා ඇති.. එකම විදියට කන්න අකමැති ඔබට Meal Planning කලාව ගැන අපි මීට ඉහත ලිපියකින් ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති (කලින් ලිපිය කියවන්න). මෙවර Meal Planning ක්‍රමය අත්හදා බලන්න සැරසෙන ඔබට වැදගත් tips ටිකක් අරන් එන්න අපි හිතුවා..

  1. ඔබ සතියක් තුල පිළියෙල කරන්න සූදානම් වන ආහාර ලැයිස්තු ගත කරන්න. මේ සඳහාම වෙන් වුණු සටහන් පොතක් භාවිතා කරන්න.
  2. ලියන්න කම්මැලි නම් ඔබේ ස්මාර්ට් ෆෝන් එකට දා ගන්න හොඳ App එකක්. පහසු නිසා වෙලාවත් ඉතිරියි.
  3. ගෙදර තියෙන ආහාර වර්ග ගැන නිතරම සැලකිලිමත් වෙන්න. වෙළදපොලට යන විට ඔබ ලැයිස්තු ගත කල ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පමනක් මූලිකත්වය දෙන්න.. එය ඔබේ සතියේ අනවශ්‍ය වියදම් පාලනයටත් වැදගත් වේවි..
  4. මුළුතැන්ගෙයි තියෙන ඉතුරු ආහාර ද්‍රව්‍ය ගැන අවධානයෙන් ඉන්න. අලුතෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නෙ නැතිව, ගෙදර තියෙන කෑම වර්ග භාවිතයෙන් අලුත් කෑම වර්ග හදන්න ලේසියෙන්නම plan කරන්නත් මේ ක්‍රමය නිසා පුළුවන්.
  5. ආහාර පිළියෙල කිරීම කරදරයක් බවට පත් කරගන්න එපා. මෙ ඔබේ ක්‍රමය භාවිතයෙන් ආහාර පිළියෙල කිරීම ඔබේ අලුත්ම විනෝදාංශය බවට පත්කරගන්න පුලුවන්.

වෙලාව නෑ කිය කිය ඉන්නෙ නැතිව යමින් එමින් ගමන් පුරුදු වෙන්නත් එක්ක පුංචි Meal Plan එකක් එක සති අන්තයකට කරල බලන්න එය ඔබේ ජීවිතයට කොයි තරම් සහසුවක් වෙයිද කියලා…

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles