බෙඩ්ටයිම් ස්ටෝරි – අන්දරේගේ කතා..

ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.

ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

මේ අන්දරේ ගැන තවත් රසවත් කතාවක් 

 අන්දරේගේ  අම්මා කැවුම්  පිඟානක්  මේසය  උඩ තබා ගමනක් ගියා. ගෙදර කිසිවෙකු නැති වෙලාවක් බලලා අන්දරේ පිඟානේ තිබුණු කැවුම්  වලින් බාගයක් ම කෑවා .

හවස තේ වෙලාවේදී අම්මා කැවුම් පිඟාන දැක ‘කෝ අන්දරේ පිඟානේ තිබුණු අනික් කැවුම්? ”
කියා අන්දරේ ගෙන් ඇසුවා .

“ඒවා මම බඩගින්නේ සිටි ළමයෙකුට  දුන්නා ” ! අන්දරේ පිලිතුරු දුන්නා.’ මගේ  හොඳ  දරුවා ! කවුද ඒ  බඩගින්නේ හිටිය   ළමයා ? අම්මා  ආදරයෙන් ඇසුවා.

“ඇයි  අම්මේ  දන්නේ  නැති  ද ?ඒ  මම තමයි.අන්දරේ  සිනාසෙමින්  කිව්වා. .

–චම්මි-

Related Articles

Don't Miss


Latest Articles