වයසට යන එක ගැන දුකින් ඉන්න අයට සුභ ආරංචියක්

වයසට යන්න බොහෝ අය කැමති නැහැ.ඒ වගේම වයසට යාම පිලිබඳ සමාජයේ තිබෙන්නෙත් එතරම් සුබදායි ආකල්පයන් නෙවෙයි. එහෙත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායු චිකිත්සකයින් කල පරීක්ෂණයකට අනුවනම් වයසට යාම ගැන බය වෙන්න දෙයක් නැහැ

බොහෝ අය තරුණ වයස හඳුන්වන්නේ සතුටින් ඉපිලෙමින් සිටින කාලයක් ලෙසටයි. ඒ නිසයි වයසට යන්නත් අකමැති. නමුත් එය සත්‍යයක් නොවන බව මේ පරීක්ෂණ කණ්ඩායම අපට පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ වයස්ගත වීම සමඟ සතුට ඉහළ යන බවයි. වයස 21 -100 දක්වා පුද්ගලයින් 1500ක් පමණ මේ අධ්‍යනය සඳහා යොදා ගත්තා.

මෙහිදී අනාවරණය වුණේ වයස්ගත අයට සාපේක්ෂව තරුණ අය විෂාදයට සහ මානසික ආතතියට වැඩිපුර ගොදුරුවන බවයි. වයස්ගත අය, වයස්ගත වීමත් සමඟ තමන්ගේ සතුට ඉහළ ගිය බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තරුණ අයට වඩා සෞඛ්‍ය ගැටළු වයස්ගත අයට තිබුණත් ඔවුන් තරුණ අයට වඩා සතුටින් කොහොමද යන්න ගැන අධ්‍යන කණ්ඩායම සිය
අවධානය යොමු කළා.

වයස්ගත සමයේ ඔවුන් සතුටින් ඉන්නේ ඔවුන් ජීවිතය සම්බන්දව නව දැක්මක් ගොඩ නගාගෙන සිටින නිසා බවයි ඔවුන් පවසන්නේ.ඒ වගේම ඔවුන් ජීවිතය පිලිබඳ පරිනත ආකල්පයන්ගෙන් පිරී සිටිනවා.එසේම එම පරිනත බව නිසා වයස්ගත අය තරුණයන් මෙන් ආතතිමය කරුණු වලට සංවේදී වන්නේ නැහැ.දුක්බර හැඟීම් වලට ඔවුන්ගේ සිත් ආක්‍රමණය කරන්නට ඉඩ දෙන්නේ නැහැ.

ඉතින් ඔන්න වයසට යන්න බයේ ඉන්න අයට මේ ලිපිය හොඳ එකක් වේවි. එහෙම නේද ? වැඩිපුර දුකින් ඉන්න ඇය වයස්ගත වෙනකම් ඇඟිලි ගනින්නත් ඉඩ තියෙනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles