Little Chef – සීරියල් පුඩිම..

සීරියල් පුඩිම

ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි.

අවශ්‍ය දේවල් තමයි මේ..

  • කඩල  පිටි ග්‍රෑම්50
  • මුං ඇට ග්‍රෑම් 20
  • කුරක්කන් මේස හැන්දක්
  • නැවුම් කිරි මිලි ලීටර් 100
  • බිත්තර
  • සීනි
  • ලුණු යාන්තමට
  • බටර් ටිකක්

හදාගන්නේ මෙහෙමයි..

  • සියල්ල ම බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න .
  • රසයට අනුව සීනි සහ ලුණු එකතු කර ගන්න .
  • ෆොයිල් කොලයකින් වසා මිනිත්තු හතලිහක් පමණ ස්ටීම් කර ගන්න .
  • අවශ්‍ය නම් සීනි ටිකක් කැරමල් කර ඒ මතුපිටට වත්කරන්න.
  • සුළුවෙන් හෝ ශීතකරණයේ ටික වේලාවක් තබා පිළිගන්වන්නට පුළුවන්.

ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩිත්තන්ට කදිමයි.

Related Articles

Don't Miss


Latest Articles