සති අන්තයේ Dinner එකට අපූරු Menu එකක්..

සති අන්තයට ඔබ හදන රස කෑම කන්න ගෙදර හැමෝම හරිම කැමති ඇති. ඉතින් අද රෑට සරල මෙනු එකක් තමයි අපි අරන් ආවේ.

මුලින්ම හදා ගමු අල පූරි..

අවශ්‍ය දේවල්:

  • තම්බපු අල ගෙඩි 2 (150g)
  • පාන් පිටි 150g
  • හීනියට කපා ගත් කරපිංචා
  • කහ කුඩු
  • මිරිස් කුඩු තේ
  • වතුර 50ml
  • රස අනුව ලුණු
  • තෙල්

සාදාගන්නා ආකාරය

  • මුලින්ම භාජනයක් ගෙන එයට අල දමා අතින් හොදට පොඩි කරගන්න.
  • ඉන්පසු පාන් පිටි, කහ කුඩු, මිරිස් කුඩු, කරපිංචා සහ ලුනු කුඩු එක් කර කවලම් කරගන්න.
  • ඉන්පසු වතුර දමමින් පිටි ගුලියක් හදාගන්න.
  • ඉන්පසු එයට තෙල් ටිකක් අත ගා පැය භාගයක් පමණ වසා තබන්න.
  • ඉන්පසු කුඩා පිටි ගුලි හදමින් ගැඹුරු තෙලේ බැද ගන්න.

ඊට පස්සේ පූරි වලට ගැළපෙන සම්බෝලයක් හදා ගනිමු.

තෝසේ සම්බෝලේ..

අවශ්‍ය දේවල්:

  • පොල් ග්‍රෑම් 100 යි
  • අමු මිරිස් කරල් 2යි
  • තක්කාලි ගෙඩි 1යි
  • උළුහාල් ස්වල්පයක්
  • අබ ස්වල්පයක්
  • බී ලූණු ගෙඩි 1 ක්
  • සූදුරු ස්වල්පයක්
  • දෙහි
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදන ආකාරය:

  • පොල්, අමු මිරිස්, තක්කාලි බ්ලෙන්ඩර් කරගන්න.
  • එම මිශ්‍රණයට දෙහි, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව එකතුකරගන්න.
  • භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතුකරන්න. එය හොඳින් රත්වූ පසු, අබ, උළුහාල් සහ සූදුරු දමන්න. එයටම බී ලූණු එකතුකර රන්වන් පැහැවන තෙක් බදින්න.
  • එයට ඉහත සාදාගත් මිශ්‍රණය දමා කළවම් කරගන්න.

ඩ්‍රින්ක් එකකුත් තිබුණා නම් අපූරුයි කියලා හිතෙනවා නේද?

ටින් කිරි.

අවශ්‍ය දේවල්:

  • මිල්ක්මේඩ් තේ හැදි 3
  • තේ කොළ
  • වතුර

සාදා ගන්නේ මෙහෙමයි..

  • වතුර උණු කර ගන්න
  • එයට තේ කොළ දමා තැම්බෙන්න තබන්න.
  • විනාඩි පහකට පමණ පසු ඒ තේ කොළ පෙරා ඉවත් කර ටින් කිරි එකතු කරන්න.

අද සැහැල්ලු ආහාර වේලක් නිසා ඩෙසර්ට් එකකුත් හදා ගනිමු.

Chocolate Avacado Pudding

අවශ්‍ය දේවල්:

  • අලිගැටපේර ගෙඩි 2ක මද
  • කොකෝවා පව්ඩර් කප් 1/2
  • වැනිලා තේ හැඳි 2
  • දුඹුරු සීනි කප් 1/2
  • කුරුඳු කුඩු ටිකක්
  • පොල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක්

සාදාගන්නා ආකාරය:

  • මේ සියළුම දේවල් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
  • කප් වලට දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.

අද ආහාර වේලටත් ගෙදර අය ගොඩක් කැමති වේවි. ලබන සතියෙත් වෙනස්ම රසකට ඩිනර් එකක් හදලා බලමු.

Related Articles

Don't Miss


Latest Articles