Low budget එකකින් අඩු කාලයකින් ලස්සන Wedding එකක් ප්ලෑන් කරගන්නෙ මෙහෙමයි

ඇත්තටම ඔයාගෙ වෙඩින් එක බොහොම ඉක්මනින් කිරීමේ සැලසුමක් තමයි ඔයාට  තියෙන්නෙ .ඉතින් ඒ කාලේට දන්න කියන අයට වදයක් වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි .
අනේ ඔයාගෙ Wedding එක කොහොමද ගත්තේ? ඔයාගේ මල් බොකේ එක කොහොමද හැදුවේ?  ඔයාගේ Event Plan  එක කොහොමද කළේ ?
වගේ ප්‍රශ්න ගොඩක් ඔබේ හිතවතුන් වෙත අතාරින්න ඔබ පැකිලෙන්නේ නැහැ .නමුත් ඊට කලින් මෙන්න මේ ලිපිය කියවලා ඉන්න කියලා අපි ඔයාට ආදරයෙන් ආරාධනා කරනවා .

ආරාධිතයින්  ගණන හරිම වැදගත්.ඇයි ඒ ?

කොහොමත් Wedding එකකට මාස දහයකටවත් කලින් ,සමහර අය ඊටත් කලින් Wedding එකක් පවත්වන හෝටලය හෝ උත්සව ශාලාව වෙන්කර ගන්නේ.ඉතින් අනවශ්‍ය විදියට රස්තියාදු වෙන්නෙ නැතුව ආරාධිතයන් ප්‍රමාණය දන්නව නම් ඒ ප්‍රමාණයට අදාල හෝටල් පමණක් බැලීමට යාමට ඔබට හැකියාව තියෙනවා.ඒ සමඟම මෙනුවද තීරණය කරන නිසා මෙය තවත් පහසුයි.Hotel වල වටයක් ඇවිදලා ඊට පස්සේ ඇවිල්ලා ආරාධිතයින් තෝරගෙන ආයෙමත් වටයක් ගහලා Hotel බුක් කරන්න යනවා කියන්නෙ ඉතින් වියදම ඩබල් වෙනවා කියන එක තමයි.ඔයාට එහෙම වෙන්න අවශ්‍ය නෑ නේ ද?

ඔයාට වියදම් කරන්න පුළුවන් කීයද ?

වියදම් කරන්න පුළුවන් ගාන හොඳට ලොකු අකුරු වලින් කොලේක ලියා ගන්න.දැන් එකින් එක වෙනුවෙන් වැයවෙන මුදල වෙන් කරන්න. සමහරවිට ඇඬෙන්නත් එයි.ඒත් බයවෙන්න එපා අපි Tips ටිකක් කියලා දෙනවා නේ.

ඔන්න යාලුවෝ යාලුවො මතක් කර ගන්න කාලේ..

ඔයාට Wedding Planner කෙනෙකුට ගෙවන්න තරම් සල්ලි නැත්තං කලබල වෙන්න දෙයක් නෑ .බොහොම ළඟින් ඇසුරු කරන සෙට් වෙන යාලුවෝ ටීම් එකක් හිටිය නම් හොඳටම ඇති.ඊට කලින් Wedding Plan එක ගැන පොඩි සැලැස්මක් ඔයාට තියෙන්න ඕනා. හරි දැන් වැඩ ටික බාර දෙන්න.

මනමාලි ලස්සනට ඉන්න ඕන..

ඔයා ඉන්නේ අනුරාධපුරේ නම් කොළඹ Salon එකක් තෝරගෙන හරියන්නේ නැහැනේ.ඒ නිසා ඔයාගේ ඒරියා එක සහ උත්සවය පවත්වන Hotel අතර දුර ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඒ අවට සිටින සියලුම රූපලාවණ්‍ය ශිල්පිනියන් හමු වන්නට ඔයාට පුළුවන්.මිතුරු මිතුරියන්ගේ Recomondation වලින් හඳුනාගන්න අයව මුලින්ම මුණ ගැහෙන්න.පලවෙනි දවසෙම Budget එක හරියට කතා කරගන්න .

ආරාධනා කරන්න හොඳම විදිය මොකක්ද ?

නවීන ලෝකේ සියල්ලම Digital Media හරහා වෙන නිසා ඒ තාක්ෂණය භාවිතා කරන යහළුවන්ට වගේම නෑදෑයන් ට ආරාධනා කරන්න නිරපරාදෙ කාඩ් ප්‍රින්ට් කරන්න ඕනද ? ලස්සන Digital Video Clip එකක් හදලා එයාලට ඊමේල් කරන්න පුළුවන්. Whatsapp කරන්න පුළුවන්. Video එකක් ම විය යුතුත් නැහැ නෙ.හරි ලස්සන ආරාධනා පත්‍රයක් බොරුවට පෙට්‍රල් පුච්චගෙන කාලෙ කන්නෙ නැතුව සෝශල් මීඩියා හරහා යවන්න පුළුවන්. හැබැයි සම්ප්‍රදායික නෑදෑයින් සහ  Digital Media ඇසුරු නො කරන අය සදහා සීමිත කාඩ්පත් ප්‍රමාණයක් ප්‍රින්ට් කරගන්න පුළුවන්.

මෙන්න මේ අංග ටික තියෙනවා ද කියලා පොඩ්ඩක් නැවත චෙක් කරගෙන යන්න.

  • මියුසික් සහ එන්ටර්ටේන්මන්ට්
  • Photography
  • රසවත් ආහාර
  • Decoration


මේ ටික වෙනස් විදිහට තියනවා කියන්නේ බොහෝ අඩු පාඩු වැහෙනවා කියන එකයි .

වෙලාව?

ඇත්තටම දවල් හෝ රාත්‍රී ආහාරයක් පමණක් ද දෙන්න පුලුවන්ද වෙඩින් එකකදී.උදේ ආහාර වේලාවක් යොදා ගන්නත් පුළුවන් . දිගු වේලාවක් වාත වෙමින් රස්තියාදු වෙන්න කැමති නැත්නම් තේ වෙලාවක් වුනත් හරිම කදිමයි.

Wedding Theme එකක් තියෙන්නම ඕනේ ද ?

Wedding Theme එකක් තිබීමේ පහසුව තමයි ඔබේ විසිරුණු සිතිවිලි පහසුවෙන් එක දිශාවකට යොමු කර තැබීමේ හැකියාව ඒ සඳහා තිබීම .නැත්තම් Wedding එක දවස වෙනකම්ම දකින දකින දේ ඔබට ඕනේ වෙනවා .ඒ නිසා මනාලයා සහ මනාලිය දෙදෙනාම හොඳින් සාකච්ඡා කර අතේ තියන ගානට සලකලා බලලා Theme එකක් තෝර ගන්න එකේ වාසියක් තියෙනවා .එන අයට Dress Code එකක් දෙනවද නැද්ද වගේ ඒවත් ඔයාලා Wedding එක කොපමණ දුරට එන්ජෝයි කරනවා ද කියන එක මත තීරණය කරන්න පුළුවන් .

Honeymoon නොයා කොහොමද?

ඇත්තටම මේ හනිමූන් යන එක නම් හොඳට සල්ලි නැති මොහොතක හරිම වදයක් .සමහර අය හනිමුන් කපල් එකක් කිව්ව ගමන් රූම් එකේ ගාන ඩබල් කරනවා.ඒ නිසා ඒ ගමන යන්නේ කොහොමද කියලා ඔබ අතේ තියෙන මුදල අනුව තීරණය කරන්න.සමහරවිට එදාට Wedding එක ගන්න හෝටලයේම නැවතිලා පසුව නිවිසැනසිල්ලේ ඒ ගමනත් යොදා ගන්න ඔබට පුළුවන්.

හදිසි තැන්පතුවක්

මේක වියදම් කරන්න නෙවෙයි .ඕනෑම දෙයක් අල වෙන මොහොතක හදිස්සියට ගැනීමට පමණක් තියා ගන්න.

පොඩ්ඩක් Study කරන්න.

නිකන් ඉන්න වෙලාවක,නිකන් නෙවේනම් වෙනම වෙලාවක් වෙන් කරගෙන Google කරලා තව විස්තර ගොඩක් හොයාගන්න ඔයාට පුලුවන්.
මේ ඒ සඳහා ඇති කළ පෙළඹවීමක් පමණයි.

Related Articles

Don't Miss


Latest Articles