Bedtime Story – ලී පැන්සල..

ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.
ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති

අද කතාව අපූරු රුසියන් ළමා කතාවක්.

කෑමට යමක් හොයමින් ගිය මීයෙකුට අමුතුයමක් දකින්න ලැබුණා.

ඒ මොකක්ද දන්නවද?

ලී පැන්සලක්.

මීයා පැන්සල කටින් හපා ගත්තා. පැන්සල ගොඩක් බයට පත් වුණා.

“අනේ මී රාලේ.. මාව අත් හරින්න.මම කෑමක් නෙවෙයි.ලීයෙන් හදපු පැන්සලක්.”

පැන්සල හොඳටම බය වෙලා කියන්න ගත්තා.

මීයා ඒ තරම් හොඳ ළමයෙක් නෙවෙයි.

“මගේ දත් උල් කරගන්න නිතරම මොනවා හරි හපන්න ඕනෑ. ඒ නිසා මං ඔයාව හපනවා.”

අහංකාර මීයා උඩඟු කමින් කිව්වා.

“මට හිරිහැර කරන්න එපා මී රාලේ.. මට එක රූපයක් අඳින්න ඉඩ දෙන්න.ඊට පස්සේ මාව කන්න මම ඔයාට ඉඩ දෙන්නම්”

පැන්සල බැගෑපත් වුණා.

“හා.. අඳින්න. ඊට පස්සෙ මං ඔයාව හපා කනවා”

අහංකාර මී රාළ කිව්වා.

මීයාට ස්තූති කළ පැන්සල බිත්තියේ විශාල රූපයක් ඇන්දා. එය දුටු මීයා පසු නොබලා දුවන්න ගත්තා.

දූලා පුතාලා හිතන්නේ පැන්සල ඇන්දේ මොකක් කියලා ද?

පූසෙක් ව!

Related Articles

Don't Miss


Latest Articles