පති, පතිනි වෘත්ත

0
436

මිනිස් ස්භාවයෙන්ම අත් කරගත් ගති ස්භාවයක් නිසා අපි කවුරුත් විවිධ මට්ටමින් ඔපා දූප වලට සවන් දීමට හා කීමට කැමත්තක් දක්වන බව නම් ප‍්‍රථමයෙන් කිවයුතුය. මෙහිදී වැඩියෙන්ම  ඕපා දූපයට බඳුන් වන මාතෟකාවක් ලෙස පතිවත හැඳින්විය හැකිය. මෙහිදී චපලකම්අත්හැරයාම්අනාචාරයේ හැසිරීම්දෝහීවීම් බොහෝවිට කතා බහට ලක්වන අවස්ථා ලෙස පෙන්විය හැකිය. මේවා ගැන කතාකරන හෝ ආසාවෙන් ඇහුන්කන් දෙන බෝහෝමයකට අමතක වන කරුණ නම් සිය ජීව්තයේ යම් අවස්ථාවක්ද මෙසේ සමාජයේ මාතෘකාවක් වීමේ හැකියාවක් ඇතිබවයි.

කෙසේවෙතත් ඒවා ගැන නොසිතා අද මා කතා කරන්න අරමුණු කරන්නේ එසේ පති පතිනියන්ට මුහුණ දීමට සිදුවන සමාජ ගැටළුව ගැන නම් නොවේ. මම හොඳ සැමියෙක්ද? පෙම්වතෙක්ද? මම හොඳ බිරිඳක්ද ? පෙම්වතියක්ද යන්න ලෝකයම බලා සිටී, එසේ බලා සිට ඔවුන් දුටු දේට තවත් දේ එකතු කොට හෝ සත්‍ය වසන් කොට අන් අය සමග කතාද ගොතනු ඇත. සමහර විට ඉන් අනාගතය තීරණය වනු ඇත. අභාග්‍යකි මේ සම්ප‍්‍රදාය තුල එසේ නොවුනහොත් පුදුමයකි. මන්ද එතරම්ම අපගේ හැසිරීම් හා චරිතය දෙස අපි හීනෙන් වත් නොසිතන පුද්ගලයන් බලාගෙන සිටී. ඒ නිසා ඒ පතිව‍්‍රතාව රැකගැනීම තමාගේ අවබෝදයේ හැටියට සිදුකරගැනීම තමාගේ වැඩකි.

මාතෟකාවේ ඇත් පරිදිම කතා කරන්න අදහස් කරන්නේ පති, පතිනි ව‍්‍රතාව සම්භන්ධයෙන් නොවේ ඒ ව‍්‍රතාව ගැන අපි එදිනෙදා  ඕප දූප වලින් හා රටේ ලොකෙයේ  ඕනෑතරම් ඉතිහාස කතා වලින් අහන්නට දකින්නට ලැබී තිබෙනවා. මම කීමට යන්නේ අපි හැමෝම රැකගත යුතු දෙයක් පිළිබඳවයි. එය වෘත්තය ලෙස මා හඳුන්වා ඇත. මේ වෘත්තය කුමක්ද? වටපිට අපි හොඳින් ඇහැ යොමාගෙන සිටියහොත් එය දැක ගැනීමට අපහසු නොවේ. දශක තුනක යුද්ධයකින් අනතුරුව රටේ නොයෙක් ක්‍ෂේත‍්‍රයන් බොහෝ දියුණුවට පත්වී ඇති බව නම් කිවයුතුමය. හොඳින් බලන්න සරලම උදාහරණය අපි මීට අවුරුදු 05 ට පෙර දැකපු හා ජීවත් වූ කොළඹ නගරයද අද තියෙන්නේ කියලා, නෑ අපේ ප‍්‍රධාන වාණිජ අගනගරය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඒ වෙනසේ භෞතික පැත්ත පේන එක් දර්ශකයක් තමයි නිදහස් චතුරස‍්‍රය, දියත උයන හා නුගේගොඩ වැලි පොල සංවර්ධනය වී ඇති ආකාරය. මේවා මෙසේ සංවර්ධනය වී ඇත්තේ ඇයි? මින්සුන්ට ඇවිදීමට හෝ ව්‍යායාමයක් කිරීමට, පොලවේ ඇවිදිනවා හෝ එහි පය ගසා ජීවත් වෙනවා යයි දැනීමට අමුතුවෙන් ස්ථාන රටේ ඉදිකිරීමට වූයේ කුමන හේතුවක් නිසාද?

උත්තරය පැහැදිලියි….. ගැහැණු පිරිමි අපේ සිරුරු(ඇඟ) වෘත්තාකාර හැඩයක් අරන්. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ තිරස් කැපුමක් ගතහොත් එය ඉල්පිස්සාකර එකක් විය යුතුයි. එහෙත් අද අපේ රටේ තරුණ මහළු බොහෝ ප‍්‍රමාණයකගේ ඉල්ප්සාකාර හැඩය දැන් වෘත්තාකාර වෙලා, මේ හේතුව නිසා අපිට හැඩය කෙසේ වෙතත් ලෙඩක් දුකක් නැතිව තව ටිකක් කල් ඉන්න  ඕනේ නම් ඇඟපතට දාඩිය දාන්න වැඩක් කරන්නම වෙනවා. අද මින්ස්සු ඇඟ මහන්සි වෙලා වැඩ කරන්නේ නෑ, කොළඹ නම් මිටර් 20 ක් පයින් ඇවිදින්න ඒ අයට ලැබෙන්නේ නෑ. මීට වසර විස්සකට, තිහකට ඉස්සර තරබාරු හෝ ඒ ආසන්නයට මහත සිරුරක් ඇති අයෙක් දක්නට ලැබුණහොත් අපි කියන්නේ සැප ජීවිත කියායි. අද ඒ තත්වය වෙනස්,දැන් තරබාරු අය හඳුන්වන්න වෙන්නේ දුක ජීවිත යනුවෙනි. ඉඟ සුඟ මිටින් ගන්නට හැකි බව උපමා කර පද වැල් බැඳි කාන්තාවන් මේ මිහිපිට නැත. ඇත්තේ වයස 16, 17 වෙද්දීම ඉන හෝ උදරය එකක් වූ තරුණියන් යයි කියාගන්නා පිරිසකි. ලෝකයේම විලාසිතා අනුව යමින් ඇඳුම් හා කොන්ඩ මෝස්තර වලින් සංකීර්ණ වූවත්  ඕ සිය අපුරු නාරි දේහය ගැන නම් කිසිදු සැලකීමක් නොකරන හැඩක් පෙනෙන්නට තිබෙන්නේ හිරට හිරේ අඟලාගෙන යන ඇඳුම් වලින් එහෙන් මෙහෙන් එළියට පැන ඇති ඇඟ, පසඟ දුටුවිටයි.

pathi_02

ඉතා තරුණ වයසේදීම විශාල උදරයකට හිමිකම් කීමට අද තරුණ පිරිස් ගැහැණුපිරිම් භේදයකින් තොරව සමත්ව ඇත. ඒ මන්දැයි සොයාබැලීම වටී…. ප‍්‍රධාන වශයෙන් අක‍්‍රමවත් ජීවන රටාව හා ජීවන චර්යාවේ පුරුදු මේවාට හේතු බව නම් සක්සුදක් සේ පැහැදිලිය. අපේ රටේ බෝ නොවන රෝග නිසා මියයන ප‍්‍රමාණය දිනකට 350 ක් පමණ වන බව සෞඛ්‍ය අංශයන් පෙන්වා දී තිබේ. පුදුමයක් නැත පාරට බැස්සාම ලොකු වාහන වල නැගී යන්නේ තේල් බැරල් බූලි වල හැඩය ගත් මිනිසුන් වේ.

කියවන්න :  හිනෝන්මාදය ගැන දන්නවාද?

මාද අතුළුව මේ පිරිස කුමන ආකාරයේ බෝ නොවන රෝගයකින් පෙලෙන්නේ ද යන්න කීමට නොහැකිය. fedme1_None.ipadFull_0එහෙත් පෙනුම තරබාරු නම් අනාවැකියක් කිව හැකිය ඒ මේ එන පොට හොඳ නෑ කියාය. තරබාරු වීම නොයෙක් ප‍්‍රශ්න රාශියකට මුලපුරයි. එය මානසික හා ශාරිරික මෙන්ම සිය අධ්‍යාත්මයටම බලපෑම් ඇති කරනු ලබයි. හොඳින් බලමු අපිට TV එකේ හෝ චිත‍්‍රපට වල පෙන්වන නළු නිළියන් දෙසව්ශේෂයෙන්ම බොලිවූඞ් හා හොලිවූඞ් නිර්මාණ දෙස ඒවායේ රංගනයේ නිරත වන්නන් කොතරම් ආකර්ෂණීයදඒ ඔවුන්නේ රංගන හැකියාවටත් වැඩිය සිය දේහය මනාව පාලනය කිරීම නිසායි. අපි ඇස් ගෙඩි උඩ දාමාගෙන හින්දි නිළියන්නේ නර්තනයන් දෙස බලාසිටී.
එහෙත් තමන්නේ සිරුර හොඳ මට්ටමකින් පවත්වා ගැනීමේ කිසිදු උත්සාහයක් ඔවුන් නොදරයි. ඊටත් වඩා ලොකේ තියන අසෞඛ්‍යමත් කෑම සියල්ලම ගිල දමන අපේ ගෑණු පිරිමි ඇඟ පත හොල්ලන්නේ වත් නැතිව පුටුවකට හෝ සයනයට සිරුරේ බර බාර දී ව්‍යායාමය කල් දමයි. ප‍්‍රතිපලය සිරුර වෘත්තාකාර වීමයි. එසේ වූ සිරුරක් සහිත කාන්තාවන්ට පිරිම් ආකර්ෂණයද
වෘත්තාකාර සිරුරක් සහිත පිරිමින්ට කාන්තා ආකර්ෂණයද අඩු වේ. සිහින් සිරුරක් සහිත අපූරුවට පාලනය කරන  ඕනෑම සිරුරක් සහිත අයෙක් පාරේ යන විට වයස බේදයකින් තොරව මිනිසුන් බෙල්ල කඩාගෙන හෝ ඒ දෙස බැලීමට උත්සුක වේ. එය පුදුමයට කාරණයක් නොවේ ලස්සන දැක එය විඳීමට කවුරුත් කැමතිය.

jogging-tips

මේ හේතූන් නිසා අද කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල ඇවිදීමේ මංතීරු ඉදිකොට ඇත. ඒවා ප‍්‍රයෝජනයට ගන්නා පිරිස අතිවිශාලයසිරුරේ ප‍්‍රමාණය කෙසේ වෙතත්වයස කෙසේ වෙතත් අනාගත නිදහස හා සතුට උදෙසා පැකිලීමකින් තොරව ව්‍යායාම කිරීම සතුටට කාරණයකි. එහෙත් තවමත් එහි වැදගත්කම අපි අවබෝධ කරගෙන නැති හැඩක් පෙනෙන්නේ අප ව්‍යායාම වලට පමණක් නොව ජීවන චර්යා හා පුරුදු ද වෙනස් කරගත යුතු බැවිනි. කොච්චර ව්‍යායාමයේ නියැළුනත් බියර්අරක්කු භාවිතා කරයි නම් එහි ප‍්‍රතිපලය ශුන්‍යවේ. ඔබ මොහොතක් සිතන්න අරක්කු හෝ බියර් පිරි ඉදිරියට නේරා ආ උරයක් සහිත බෙල්ලක් නොමැතිව හිස කෙලින්ම කඳට සවි වූ හා පැහැදිලිව ඉනක් නොපෙනෙන මිනිසකු දෙස නැවත වරක් හැරීබැලීමට අප කා හටත් සිතේදඅපි මඳකට සිතමු මෙවන් පෙනමැති වයස 30 තරමේ පසුවන පුද්ගලයෙන් ගැන….ඔහු සමග තව බොහෝ කාලයක් පවුල් ජීවිතය ගත කිරීමට බලාපරොත්තු වන එවැනි වයසේම පසුවන කාන්තාවක් ගැන…. ඔව් නොවුන් කෙරේ තිබූ ආකර්ෂණයට දෙදෙනාගේ බාහිර පෙනුම කොතරම් බලපෑමක් ඇති කර ඇතිදපතිව‍්‍රතාව ගැන කතා කරන කොට එක්නෙකාට ඇති ආකර්ෂණය අවම වීම අන් ඇසුරකට පුද්ගලයන් තල්ලූ කරතිබෙන බවද පෙනෙන්නට තිබේ. අන් ඇසුරක් ලැබීම සාධරණීකරණය කිරීමට කරුණු ගෙනහැර පානවා නොව අපි සත්‍ය තේරුම් ගැනීමටවත් විවෘත්ත වෙමු. pathi_01ඉස්සර මිනිස්සු හිතුවේ ජොලියේ කාලා බීලා ඉඳලා මැරිලා ගියාම හරිනේ කියලාඒත් කලා බීලා මින්ස්සු ඇත්තටම ජොලි කලාද කියලා නම් හොයලා බලන්න වටිනවා. අරක්කු බියර් බොන්න ගත්තේත් ජොලියි කියලා තමයි ඒත් අපේ අයට ජොලිය තියෙන්නේ අරක්කු වල නෙමේ ඒ අවස්ථාවේ හා බොන්න එකතු වීමේ කියලා තේරුම් ගන්න බැරිවුණා. අවාසනාවට කවුරුත් ඇත්ත දැන දැනත් ඒක කියන්න මැලි වුණාඒ කොන් වෙයි කියලා හිතලාඅවසානයේ අරක්කු බියර් වලට තව පිරිසක් එක් කරගන්නත් ඒ අයම ප‍්‍රචාරන කටයුත්ත කලා. අද බොන අයගේ පෙනුම දැක්කාම කියන්න පුළුවන් ඒ අයගේ තේරීම ජීවිතේ සතුටුම දේවල් නැති කරලා කියලා. පුරුදු අපේ ජිවිතය අවුල් කරනවා කයලා කියන්න තව හොඳම උදාහරණ තමයි ක්‍ෂනික ආහාර වලට ඇති රුචිකත්වය වැඩිවීම. පෝෂ්‍ය ගුණයෙන් අඩු ක්‍ෂණික ආහාර වලට දරුවන් පුරුදු කිරීම ලෝකයේම ඇති වසංගතයක් කිවහොත් නිවැරදියි. අපේ රටේත් ජාත්‍යන්තර පාසල් හා කොළඹ අවට පාසල් ආශ‍්‍රයේ මෙවැනි ආහාර විකිණීම සිදුකරන්නේ පෝෂණය කෙසේවෙතත් ප‍්‍රතිරූපයට අගය එකතු කර විකිණීම මගිනුයි. ඒ අගය තුල ඇත්තේ අසෞඛ්‍යමත් ජීවන රටාවේ පෙරගමන හා තරබාරුවේ පෙරනිමිති මිසක් අනෙකක් නොව.

 

කියවන්න :  යෝග ව්‍යායාමයකින් දවස අරඹමු… පහසුවෙන් නිරෝගී වෙමු

pathi_03භෞතික සංවර්ධනය දෙස වාගේම මිනිසුන්ගේ චර්යා පුරුදු හා බැඳි හැසිරීම්ද වෙනස් විමට කාලය එළඹ ඇත. ඇවිදින මංතීරු ඉදිකිරීමේ නියම ප‍්‍රතිපලය ගැනීමට නම් මංතීරුව ආසන්නයේ වගේම රටේම අසෞඛ්‍යමත් ආහාර රටාවල් ප‍්‍රචාරය කරන අවන්හල් ගැනද අවබෝදයෙන් සිටීම වටී. තවද තමාගේ පෙනුමෙන් ප‍්‍රතිරූපයට ඇතිකරන බලපෑම ගැන තක්සේරුවක් අපි හැමෝටම තියෙන්න  ඕනේ මොකද හැඩට වැඩට ඉන්න හැමෝම කැමතියි. ඒත් ඒකට පුංච්ම හරි උත්සාහයක් තියෙන්න  ඕනේමයිනැතිනම් ඇවිදින පිටි මුට්ටබැරල් බාග වගේ අපිව හඳුන ගනි. ඒ නිසා අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙන්න නම් ජීවන රටාවේ ආහාර හා චර්යා පුරුදු වල වෙනස්කමක් අත්‍යාවශ්‍යමයි. ඒ වෙනස්කම ඔබව හා ඔබගේ ආදරණීයයන් ප‍්‍රබෝදමත් කරවි ඔබගේ සිතටගතටමනසට මහා සැහැල්ලූවක් ගෙන ඒවී. පවුල් ජිවිතේට බලපාන සතුටුම දේවල් රැකේවීඔබ අන් අයට වෘත්තයක් ලෙස නොපෙනේවි.

 වෙනුර මාකුඹුර-

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments