පොල් කිරි නැතුව රසවත් පරිප්පු කරියක් ඉක්මනින් හදා ගනිමු.

පරිප්පු කියන්නේ අපි හැමෝටම නැතුවම බැරි ව්‍යාංජනයක්. බත්, පාන් කන්න ලේසියෙන්ම හදා ගන්න පරිප්පුව පොල් කිරි නැතුව හදා ගන්න අපූරු ක්‍රමයක් ගැනයි මේ රෙසිපි එක. බෝඩිම් වල ඉන්න අයට වගේම ඉක්මන් රෙසිපි හොයන හැමෝටම මේක හරිම වැදගත් වේවි.

අවශ්‍ය දේවල් මේවා.

  • පරිප්පු
  • සුදු ළූණු බික් 2ක්
  • රතු ළූණු ස්වල්පයක්
  • අමු මිරිල් කරලක්
  • රම්පෙ
  • කරපිංචා
  • කෑලි මිරිස් මේස හැඳි 1/2
  • උළු හාල් තේ හැඳි 1/4
  • කහ තේ හැඳි 1/4
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • අබ තේ හැඳි 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 1/2

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

හදා ගන්නේ මෙහෙමයි.

  • පරිප්පු සෝදාගෙන එයට කහ, ලුණු සහ මිරිස් එකතු කරගන්න.
  • රම්පේ, කරපිංචා, සුදු ළූණු සහ ළූණු ටිකක් ද එකතු කරගන්න.
  • වතුර කෝප්ප බාගයක් එකතු කර ලිප මත තබා හොඳින් තැම්බෙන්නට හරින්න.
  • පරිප්පු තැම්බුණු පසු ලිප නිවා වෙනත්භාජනයක් ගෙන එයට පරිප්පු ටික දමා ගන්න.
  • ලිප දල්වා පිසින භාජනයට තෙල් ටිකක් දමා රත් කරගන්න.
  • තෙල් රත්වූ පසු එයට රම්පේ කරපිංචා, සුදු ළූණු සහ ළූණු ටිකක් ද එකතු කරගන්න.
  • ඒවා හොඳින් බැදුණු පසු කෑලි මිරිස් ද එකතු කරන්න.
  • උළු හාල් සහ අබ ද එකතු කර ගන්න.
  • අබ පුපුරද්දී භාජනයට පරිප්පු ටික දමා ගන්න.
  • වතුර ටිකක් ද එකතු කරන්න.
  • හොඳින් පිස ගන්න.

ඒ තමයි පහසුවෙන් හදන්න පුලුවන් පරිප්පු කරිය. මේ වීඩියෝ එකෙන් ඔබට ඒ රෙසිපිය විස්තරාත්මක ව බලා ගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles