කොණ්ඩයට ගැළපෙන නිවැරදි ෂැම්පු වර්ගය තෝරමු.

රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන නොකරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් පාවිච්චි කරන දෙයක් තමයි ෂැම්පු.හරි විදියට ෂැම්පු එකක් තෝරා ගන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනෑ ප්‍රධාන කාරණා කිහිපයක්ම තියෙනවා. ඔබට මේ ලිපියෙන් ඒ ගැන දැන ගන්න පුලුවන්.

අපි ෂැම්පු එකක් භාවිතා කරන්නේ ඇයි?

  1. කොණ්ඩයේ කුණු දූවිලි ඉවත් කිරීමට
  2. කොණ්ඩයෙන් එන ගන්ධය නැති කිරීමට
  3. කොණ්ඩයේ තෙල් ගතිය නැති කිරීමට
  4. කොණ්ඩයේ අපිළිවෙළ අඩු කර තමන්ට අවශ්‍ය ලෙස තබා ගැනීම

සබන්වලින් ෂැම්පු වෙනස් වෙන්නේ කොහොමද?

සබන් වල පවතින්නේ ලිපිඩ සහිත සත්ව තෙල් වර්ග. ඒ නිසා කොණ්ඩය වියළි සහ ඩැමේජ් වෙනවා. ඒ වගේම හිස් කබල වියළීමට ලක් වෙනවා. ඒත් ෂැම්පු වලින් කොණ්ඩය සිනිඳු වෙනවා. එහි පවිත්‍ර වීම සහ ආරක්ෂා කරන සංඝටක අඩංගු වීම එයට හේතුවයි. ඒ නිසා සබන් කොණ්ඩයට නොයොදා ෂැම්පු එකක්ම භාවිතා කරන්න.

කොණ්ඩයට ගැලපෙන ෂැම්පු තෝරා ගන්නේ කොහොමද?

  • Clarifying Shampoo – කුණු දූවිලි ඉවත් කරන ෂැම්පු.
  • Colour protecting Shampoo- ඔබ හිසකෙස් වර්ණ ගන්වා ඇත්නම් මෙය භාවිතා කරන්න.
  • Moisturizing Shampoo – කොණ්ඩයේ Moisturizer ගතිය ආරක්ෂා කරනවා. ඔබේ කොන්ඩය වියළි නම් මෙය අපූරුවට ගැළපෙනවා.
  • Every Day Shampoo – දිනපතා පාවිච්චියට සුදුසුයි.
  • Two in one Shampoo – මෙහි කන්ඩිෂනර් ද ස්වල්පය වශයෙන් අඩංගු නිසා කොණ්ඩයේ ආරක්ෂාව සුරැකෙනවා.
  • Volumizing Shampoo – කොණ්ඩයේ Thickness එක වැඩි කිරීමට ඉතා හොඳින් ගැළපෙන ෂැම්පු එකක්.

ඔබේ කොණ්ඩයේ ස්වභාවය අනුව ෂැම්පු එක තෝරා ගැනීම හරිම වැදගත්.

ඔබ ෂැම්පු යොදන විට කොණ්ඩය හොඳින් සෝදා ගන්න. ෂැම්පු අතට ගෙන එයට වතුර මිශ්‍ර කරන්න. එය හොඳින් හිසේ ගල්වා ඇඟිලි තුඩුවලින් හිස් කබල මසාජ් කර සෝදා හරින්න

ගෙදරදීම ෂැම්පු හදා ගමු.

ස්වභාවික ද්‍රව්‍යවලින් නිවසේදීම ෂැම්පු හදා ගන්නත් පුලුවන්.

වියළි හිස කෙස් සඳහා

පොල් කිරි කෝප්ප එකහමාරක්, විටමින් E තෙල් බිඳු කීපයක්, පොල් තෙල් තේ හැන්දක්, ඔලිව් ඔයිල් තේ හැඳි භාගයක් සහ බිත්තර කහ මදයක් ගෙන එකට මිශ්‍ර කර හිස කෙස් වල ගල්වන්න.

බිත්තර කහ මදයක්, මී පැණි මේස හැඳි 3ක්, පොල් කිරි මේස හැඳි 3ක්, පොල් තෙල් තේ හැඳි 2ක් සහ විටමින් E තේ හැන්දක් ගෙන එකට මිශ්‍ර කර හිසේ ගල්වන්න.

තෙල් සහිත හිස කෙස්

බිත්තර කහ මද දෙකක් සහ ලෙමන් යුෂ තේ හැඳි දෙකක් එකට මිශ්‍ර කර, කෙස් වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න. ඉන් පසු මඳ රස්නය ඇති ජලයෙන් සෝදා හරින්න.

බේකින් සෝඩා තේ හැන්දක්, ආමන්ඩ් ඔයිල් බිඳු කීපයක්, පෙපර්මින්ට් ඔයිල් බිඳු කීපයක්, ලෙමන් යුෂ තේ හැන්දක් සහ ජලය කෝප්පයක් ගෙන එකට මිශ්‍ර කරන්න. මෙය ශීතකරණයේ තබා ස්නානය කරන විට ප්‍රයෝජනයට ගන්න (හිසේ ආලේප කිරීමට පෙර බෝතලය හොඳින් සොලවන්න).

සාමාන්‍ය හිස කෙස්

උකු පොල් කිරි කෝප්පයක් සහ කඩල පිටි මේස හැඳි 2ක් ගෙන එකට මිශ්‍ර කර හිස කෙස් වල ආලේප කරන්න.

වෙරළු කොළ මිරිකා ගත් ඉස්ම ෂැම්පු ලෙස භාවිතා කළ හැක.

ඉස්සොරි සහිත හිස කෙස්

ගොඩපර කොළ මිරිකා ගත් ඉස්ම ෂැම්පු ලෙස භාවිතා කළ හැක.

ජලයට කොහොඹ කොළ දමා උතුරවන්න. එය නිවෙන තෙක් තබා කොහොඹ කොළ අඹරා පල්පයක් සේ සාදා ෂැම්පු ලෙස භාවිතා කරන්න.

පොල් තෙල්, ඔලිව් තෙල් සහ මී පැණි තේ හැඳි 2ක් සහ යෝගට් තේ හැඳි 3ක් එකට මිශ්‍ර කර හිසේ ගල්වන්න.

Related Articles

Don't Miss


Latest Articles