මනාලයෙක් සදහා මඟුල් මුද්දක් තෝරගන්න කලින් ඔබ දැනගත යුතුම කරුණු 7ක්

ගොඩක් මනාලියන්ට  තිබෙන ගැටලුවක් තමයි තමන්ගේ මනාලයා සදහා ඔහුට ගැලපෙන, ලස්සන මඟුල් මුද්දක් තෝරගන්නෙ කොහොමද කියන එක. මෙන්න මේ සරළ කරුණු ගැන අවධාන්‍ය යොමු කලොත් ඔබට, ඔහුගේ කැමැත්තට ගැලපෙනම  මංගල මුදුව තෝරාගැනීම ඉතාමත් පහුවේවි.

මංගල මුදුව යනු ආදරයේ සහ විශ්වාසයේ සංකේතය ලෙස පුරාතණ ඊජිප්තු සහ ග්‍රීක වැසියන් හඳුන්වු ලැබුවා. හුදු ආබරණයකට වඩා ගැඹුරු වටිනාකමක් මංගල මුදුවට හිමිවේ. ආදරය වගේම වගකීමත් ප්‍රකට කරන මංගල මුදුව ආවාට ගියාට මිලදී ගන්නේ නැතිව හොඳින් සිතා බලා පරීක්ෂාකර බලා මිලදී ගන්න.

මනාලයාගේ පෞරුෂත්වය

මනාලියන්ගේ මුදු වගේම මනාලයන්ගේ මංගල මුදුත් දැන් වෙනස්වෙලා. කාලයේ තාලයට ගැලපෙන මුදුවක් තෝරාගත යුතු නමුත් ඔහුගේ පෙනුමට ගැලපෙන විලාසිතාවක්ද යන්න පළමුව කල්පනාකර බලන්න. සමට  සහ සමේ වර්ණයටට ගැලපීම පිළිබඳවත් අවධානය යොමුකරන්න. ලෝකෙට පෙනෙන්නට නොව  ඔහුගේ අතේ ප්‍රමාණයට ගැලපෙන මුද්දක් තෝරගන්න.

ජීවන රටාවට

හැමදාම මුදුව පළඳින්න සිතනවානම් රැකියාවට යන අයෙක් නම් වඩාත් විසිතුරු මුදුවක් පැළඳීම සුදුසු නොවේ. රසායනික ද්‍රව්‍ය පරිහරණයේදී, ක්‍රීඩා කටයුතුවල යෙදෙනවා නම් මතක ඇතිව මුද්ද ආවරණය කිරීම සුදුසුයි. ප්‍රායෝගික බවට වැඩි අවධානයක් ලබාදෙන්න. අතේ මුද්ද නිතර තබාගත නොහැකිනම් චේන් එකකට දමා පැළදියහැකියි. බොහෝ දෙනෙක් මුද්දක් මිලදී ගැනීමේදී එය පළදින පුද්ගලයාගේ ජීවන රටාව පිළිබද අවධානයක් යොමු නොකට මිලදී ගැනීම නිසාම විවාහ දිනයෙන් ටික කලකට පසුව මගුල් මුදුව පැලදීම ප්‍රතික්ෂේප කිරීම හෝ අපහසුවෙන් පැලදීම සිදු කෙරේ. ඒ නිසාම මගුල් මුදුව මිලදී ගැනීමට ප්‍රථම ඔහුගේ ජීවන රටාව පිළිබදව අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

මිල

අනිවාර්යයෙන්ම ඔබේ බජට් එකට (budget) ගැලපෙන මුදුවක් තෝරාගන්න.  ඔබට සවිමත් ආර්ථිකයක් නොමැති නම් දියමන්ති, වටිනා ලෝහ ආදිය යෙදූ මුද්දක් ලබාගන්න ඉක්මන්වන්න එපා. පසුව බැංකුවේ තැබිය යුතු නම් මිශ්‍ර ලෝහ භාවිතයේදී සැලකිලිමත්වන්න. මතක තබාගන්න මෙය ආයෝජනයක් බව.

ලෝහවර්ග

පෙර මෙන් තනි රත්තරනින්ම මංගල මුදුවක්ම පැළදිය යුතු නැහැ. කහ, සුදු, රෝස සහ කළු ආදී විවිධාකාර වූ රත්‍රං වත්මනෙහි සුලබයි. රත්තන් හැරෙන්නට රිදී (Silver), ප්ලැටිනම් (Platinum), ටයිටේනියම් (Titanium), පැලේඩියම් (Palladium), ටංග්ස්ටන් (Tungsten) වැනි ලෝහ වර්ගද සෙරමික් (Ceramic) සහ ලී වැනි ඕනෑම දේකින් මෙන්ම matt finish සහ gloss finish ආදී නිමාවන්ගෙන්ද ලබාගතහැකියි.

මනාලියගේ මුදුවට ගැලපෙනවාද යන්න

මංගල මුදු එක set එකක් ලෙස නිර්මාණයකරන නිසා මනාලියගේ සහ මනාලයාගේ මුදු එකම රටාවකින් එකම ආකාරයට දිස්වන්නට සකස්කනු ලැබේ. සාමාන්‍යෙයන් වර්ණවත් ගල් අල්ලන්නේ නැති නමුත් සුදු පැහැති ඉතා කුඩා දියමන්ති හෝ මැණික් යොදා මනාලියගේ මුදුවට ගැලපෙන අයුරින් මනාලයාගේ මුදුවද සකසන අවස්ථාද වේ.

මනාලයාගේ කැමැත්ත

සාමාන්‍ය මුදුවක් පළඳින්න අකමැතිනම් තමන්ගේ පෙනුමට ගැලපෙන්න මුදුවේ පළලින් හෝ පාටවර්ග/ ලෝහවර්ග වෙනස්කර (toned) සකසාගන්න පුවවන්.අමතක කරන්න එපා අගමික විශ්වාසයන් සහ පෞද්ගලික මතිමතාන්තර පීළිබඳ සැලකිළිමත්විය යුතුබව. අද කාලයේ බොහෝ තරුණයන් කහ පැහැති රත්‍රංවලට වඩා සුදු රත්තන් පැළඳීමට ප්‍රියකරන අතර ඉස්ලාම් භක්තික මනාලයන් පළඳින්නේ රිදී මංගල මුදුයි. මංගල මුදු සෑදීමට පෙර ඔබ දෙදනාගේම කැමැත්ත මත එකගතාවයට පැමිණීම වැදගත්.

නිවැරදි මිමි ලබාගන්න

අනිවාර්යයෙන්ම මෙය පළපුරුදු අයෙකු ලවා මිමි ලබාගැනීම කරවාගන්න. දශමයක වෙනසක් වුණත් එහි පෙනුමට වගේම මිලටත් ඔබ හිතනවාට වඩා වෙනසක් සිදුවෙන්න පුළුවන්.

බොහෝ මනාලයන් මංගල මුදුවක් තෝරාගැනීමේදී වික්ෂිප්තවන්නේ ඔවුන් ඉන් පෙර එවැනි ආබරණයක් පළඳා පුරුද්දක් නැති නිසා. නමුත් කාලයත් සමඟ ඊට පුරුදුවන නිසා කලබල නොවන්න. මංගල මුදුව දිවිය පුරා පැලඳිය යුත්තකි. එහි කැටිවන්නේ ඔබේ බලාපොරත්තුවලින් පිරි නව දිචියයි. එනිසා අනිවාර්යයයෙන්ම දුරදිග සිතා බලා ඔහුගේද  කැමැත්ත  මත මනාලයාගේ මංගල මුදුව කල්පනාකාරීව තෝරාගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles