අධ්‍යාපන ඇමතිවරියක් වූ එඬේර දැරිවිය

බාලවියේ පටන්ම අප සැවම සිහින මැව්වද  එම සිහින සැබෑ කරගන්නට දිරිගන්නේ කලාතුරකින් අයෙක්ය. ඔබ උපන්නේ කෙතරම් පහළ සමාජ තලයක වුවත්, ඔබේ සිහිනය අද ඔබ සිටින ස්ථානයෙන් කොතරම් ඈතක රැදුනත් අප්‍රතිහත වීර්යකින් ඔබේ සිහිනය හඹා යන්නේ නම් ඔබට ජයගත හැකි බව  Najat Vallaud-Belkacem  අපට නැවතත් පසක් කරන්නීය.

මොරොක්කෝවේ සිට ප්‍රංශයට සංක්‍රමණයවූ Najat කුඩා අවධිය ගත කළේ එළුවන් බලාගන්නා එඬේරෙක් ලෙසිනි. පසු කාලයකදී The Guardian පුවත්පත හා කළ සාකච්ඡාවකදී ඈ සඳහන් කලේ සංස්කෘතික වෙනස්කම් කෙතරම් වේදනාකාරී වුවත් ඉදිරියටම ගමන් කළේ ලොවේ තම ස්ථානය ඉහළක ඇති බව යන විශ්වාසය හේතුවෙන් බවයි. ඇයට මුහුණ දීමට සිදු වුයේ ආර්ථික දුෂ්කරථා වලට පමණක් නොවේ, කාන්තාවක් වූ ඇයගේ ගමනට එරෙහි වූ සංස්කෘතිකමය බාධා කිරීම් වලින්ද ඇය වෙහෙසට පත් වූවාය.. නමුදු ඒ සියළු අභියෝග ජය ගනිමින් ඇයගේ අරමුණ වෙත යාමට තරම් ශක්තියක්, ධෛර්යක් ඇය සතු විය…

ඇය ප්‍රංශයේ උසස්ම විශ්වවිද්‍යාලයක් වන Institut d’études politiques de Paris (Paris Institute of Political Studies) හි මහජන කළමණාකරණය පිළිබඳ Master’s උපාධියක් දිනාගත්තාය. එකල වියදම් පියවාගැනීමට Najatහට රැකියාවන් දෙකක නියුතු වීමට සිදුවිය. මෙම කාළය තුළදී ඈ තවත් සිසුවකු වූ Boris Vallaud හඳුනාගත් අතර 2005දී ඔහු හා විවාපත් වූ අතර දරු දෙදෙනෙකුගේ මවක් වන්නීය.

Najatගේ දේශපාලන දිවිය ඇරඹෙණුයේ සමාජවාදී පක්ෂයේ සාමාජිකාවක් ලෙස Lyon හි නගරාධිපතිගේ අනුශාසකවරියක් වීමත් සමඟය. 2004 දී Rhone-Alpes හි Councillor ලෙස පතවීමෙන් අනතුරුව විවිධ කමිටු රැසකට සිය සේවය තිළිණ කළාය. 2012 දී කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිනිය සහ රජයේ ප්‍රකාශිකාව ලෙස ජනපති François Hollande විසින් පත් කෙරුණාය.තවත් පදවි කිහිපයක් දැරූ ඈ වර්තමානයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ පර්යේෂණ පිළිබඳ කැබිනට් ඇමති ධූරය දරන්නීය. 38 හැවිරිදි Najat මෙම ධූරය සඳහා පත්වූ පළමු කාන්තාවයි.

රටේ තරුණ ප්‍රජාවට Najat කියා සිටින්නේ අනිවාර්යයෙන්ම දේශපාලනයට දායකවන්න මන්ද එය ඔබේ අනාගතය තීන්දු කරණ බැවිණි. පොදු ඉරණම ඔබ බලාගෙන පමණක් සිටියහොත් විඩාට පත්වීම පමණයි සිදුවන්නේ යනුවෙනි දේශපාලනයට. තරුණ සහ කාන්තා සහභාගීත්වය තවමත් අඩු අවධියක පසුවන කාළයක ඇගේ පණිවුඩය ඉතා වැදගත්ය.

දුගීබවට සිය දිවිය සින්න කර නොදී තම දෙපයින් නැඟී සිටිමින් සිය ඉරණම තමන් විසින්ම සකසාගන්නා අයුරු පෙන්වූ Najat යනු ඕනෑම අයෙකුට කදිම ආදර්ශයකි.

Related Articles

Don't Miss


Latest Articles