බර අඩුකර ගන්න කැමති ඔබට low calorie කෑම රෙසිපි

වැඩි බරෙන් යුතු අයට, උදරය වැඩි අයට අඩු කැලරි ආහාර කියන්නේ ඉතා වටිනා දෙයක්. එමගින් ඔබේ සිරුරේ අනවශ්‍ය බර වැඩිවීම වළකනවා. කැලරි අඩුවෙන් – පෝෂණය වැඩියෙන් ලබාදෙන රසවත් ආහාර කීපයක රෙසිපි අද අපි ඔබට ලබාදෙනවා. මේවා සකසන්නත් හරිම පහසුයි.

ගෝවාමල් ෆ්‍රයිඩ් රයිස්

තරමක ගෝවා මලක් සිහින් ව ග්‍රේට් කරගන්න. එය විනාඩි පහක් පමණ ස්ටීම් කරගන්න. කැමති එළවලු කිහිපයක්, මස් හෝ මාලු සිහින්ව කපා එකතු කර තෙම්පරාදු කරගන්න. ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් එක් කර කෑමටව ගන්න.

එළවලු සලාද

පිපිඥ්ඥා ගෙඩියක්, කොළ මිදි කිහිපයක් සහ අයිස්බර්ග් සලාද කොළයක් ගෙන අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. බේක් කළ මස් කැබැල්ලක් ද කුඩාවට කපාගන්න. ලූනු සහ තක්කාලි එකතු කරන්න. ලුණු ගම්මිරිස් එකතු කොට කලවම් කරගන්න.

අඹ ස්මූති

අඹ කෝප්ප බාගයක්, අන්නාසි කෝප්ප බාගයක්, ආමන්ඩ් කිරි ටිකක් එකට දමා බ්ලෙන්ඩර් කර පානය කරන්න.

අර්තාපල් සහ නිවිති ෆ්‍රිටාටා

අර්තාපල් ගෙඩියක් සිහින්ව කපා ගන්න. නිවිති කොළ ලොකුවට කපාගන්න. බිත්තර හතරක් හොඳින් ගසා අල සහ නිවිති එක් කරගන්න. රස අනුව ලුණු සහ ගම්මිරිස් එක් කරන්න. තෙල් යන්තමින් තැවරූ ගැඹුරු බඳුනකට වත් කර තැම්බෙන තුරු තබන්න.

මෆින්

එළවලු කිහිපයක් කුඩා කැබලි කපාගන්න. බිත්තර සුදුමද පහක් සහ චීස් ටිකක් හොඳින් බීට් කරගන්න. එයට එළවලු සහ ලුණු කලවම් කරන්න. කප් වලට දමා හොඳින් ඉදෙන තුරු බේක් කරන්න.

ව්‍යායාම් කරන අතරේ ම ආහාර වේලේ වෙනසක් ඇති කරගැනීමෙන් අනවශ්‍ය බර ඉවත් කළ හැකියි. මේ ආහාර භාවිතා කර ඔබත් වෙනස වටහා ගන්න .

Related Articles

Don't Miss


Latest Articles