වෙහෙසකර සිරුරට තුරුණු බව ගෙනෙන ආහාර

දවස පුරා කාන්තාවකට කරන්න තියෙන වැඩ සුළුපටු නැහැ.ඉතින් දවසේ මැද හරියක් ගෙවෙනකොටම බොහෝ අය ඉන්නේ හෙම්බත්වෙලා.එහි ප්‍රතිපලය තමා නුරුද්දනා සුළුබව,අකාර්යක්ෂමතාවය,කේන්තිය වගේ දේවල්.ඉතින් ඔබේ විඩාපත් සිරුරට ශක්තිය ගෙන එන,දවස පුරා ක්‍රියාශීලි බව රැකදෙන ආහාර කිහිපයක් ගැන කතා කරන්න අප හිතුවා.

අපට ශක්තිය ලබාදෙන මුලික ප්‍රභවය වන්නේ කබෝහයිඩ්රේට්. කේක්, බිස්කට්, සිනි වලින් සිරුරට ශක්තිය ලැබුනත් ධාන්‍ය වර්ග ආහාරයට ගත්තොත් ඊටත් වඩා වෙලාවක් ශක්ති සම්පන්නව, වෙනත් අමතර ආහාර ගැන නොසිතා ඉන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම රතු කැකුලු හාල්, තිරිඟු , ඉරිඟු වැනි ආහාරත් කබෝහයිඩ්රේට් වලින් පොහොසත්. ඊට අමතරව අපි බලමු අපට නැවුම් ශක්තියක් ගෙනදෙන අනෙක් ආහාර පාන මොනවද කියලා

දොඩම් යුෂ

ලෝකයේ කාන්තාවන් අතරින් සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකුට නිසි පරිදි විටමින් නොලැබෙන බව පර්යේෂකයන් පවසනවා. ශක්තිය ලබා ගැනීම සඳහා සිරුරේ මේදය දහනය කිරීමට උවමනා වන විටමින් සී සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක්. දිනකට එක් නැවුම් දොඩම් වීදුරුවකින් ප්‍රමාණවත් විටමින් සී අපට ලැබෙනවා. ඒ වගේම පැපොල් ,ස්ටෝබෙරි ,ගෝවා ,බෙල් පෙපර්, විටමින් සී වලින් පොහොසත් ආහාර.

පිරිසුදු ජලය

සිරුර හොඳින් ක්‍රියාකිරීමට, එහි පරිවුර්තිය ක්‍රියා නිසි පරිදි සිදු වීමට ජලය අත්‍යවශ්‍යම සාධකයක්. ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීමෙන් අලස වීමට, විඩාපත් බව වැඩිවීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම බෙලිමල් තැම්බූ වතුර, පොල්පලා, රසකිඳ, වගේ පානයන්ද සිරුරේ විඩාපත් බව සමහන් කිරීමට සමත් වනවා.

සෝයා කිරි

උදෑසනම සෝයා කිරි කෝප්පයක් පානය කිරීමද ශක්තිය ලබා දෙන්නක්.සෝයා කිරි මඟින් සිරුරට ප්‍රෝටීන්, යකඩ හා ශක්තිය ලබා දෙනවා.සෝයා ආශ්‍රයෙන් නිපදවන ටෝෆු ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයක්.

කජු, ආමන්ඩ්

කජු කන්න කවුද අකමැති. මිල අධික වුනත් කජු , ආමන්ඩ්, හේසල් වැනි පළතුරු ඉතාමත් රසවත් මෙන්ම ප්‍රෝටීන් සහ මැග්නීසියම් වලින් පිරිපුන් ආහාර. තද කොළ පැහැති එළවලු වල මැග්නීසියම් හොඳින් අඩංගු වෙනවා. සැමන් වලින් මැග්නීසියම් වලට අමතරව ඔමේගා 3 මේද අම්ලය සහ විටමින් සී ලැබෙනවා.

ඉතින් දවසක විඩාව නිවා ඔබව නැවුම් ආකාරයෙන් තබන්න මේ සියලුම ආහාර සමත්කම් දක්වනවා.ඉතින් සියල්ලම නැතත් මින් කිහිපයක් ඔබේ දවසේ ආහාර වේලට ඇතුලත් කරගැනීමට හැකි නම් ඔබ නිතරම ප්‍රබෝධයෙන් සිටින සොඳුරු කාන්තාවක් වනවා නොඅනුමානයි.

 – චම්මි –

 

Related Articles

Don't Miss


Latest Articles