Cooking

මාළු කියන්නෙ රස වගේම පෝෂ්‍යදායී බව පිරුණු ආහාරයක්නෙ.  Omega 3 මේද අම්ල, විටමින් D, විටමින් B2, යකඩ, සින්ක්, අයඩින්, මැග්නීසියම් සහ පොටෑසියම් වගේ පෝෂ්‍යපදාර්ථ වලින් අනූන මාළු වලට කළල අවස්ථාවේ ඉඳලම අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදීමේ අද්විතීය හැකියාවක් තියෙනවා.  මොළයේ නීරෝගී වර්ධනයට, හෘද රෝග වලින් ආරක්ෂාව ලබාදෙන්න,  අස්ථි සහ මාංශපේෂී වල ශක්තිමත් බවට, කුස...
සමාජ මාධ්‍ය වල හරි ලස්සනට පිළිවෙලට ලේබල් කරපු බෝතල් වල කුළුබඩු, එළවළු, පළතුරු, රස කැවිලි අසුරන වීඩියෝ සහ ඡායාරූප ඔබ දැකල ඇතිනෙ. ඒව දකිද්දි හරි ආස හිතෙනව නේද?  ඒ වගේ කුස්සියක් මටත් තිබුණ නම් කියල හිතල ඒ අසුරන සහ විවිධ උපාංග මිලදී ගන්න බලද්දි ඒවගෙ මිළ ගණන් දැක්කම, මේ දවස්වල තියෙන...
බිම්මල්, එහෙම නැත්නම් මශ්රූම් කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතාම ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙන බිම්මල් වලින් ශරීරයට ලැබෙන වාසි බොහෝමයක් තියෙනවා.  අඩු වියදමකින් පවුලේ සියලු දෙනාටම පරිබෝජනය කරන්නත් පුළුවන් නිසා ඔබත් බිම්මල් ආහාරය ගැන අවධානය යොමු කරන එක නම් හරිම වැදගත්.  බිම්මල් ග්‍රැම් සීයක ග්‍රෑම් 89ක්ම තියෙන්නේ ජලය. වියළි බර ග්‍රෑම්...
හරිම රස්නෙයි නේද?  වතුර, සීතල බීම වර්ග, අයිස්ක්‍රීම් කාල බීලම ඒවගෙ රසත් එපා වෙලා ඉන්න ඔයාට ඇඟ නිමාගන්න වගේම පෝෂණීය නැවුම් බවක් ලබාදෙන්න යෝගට් වලට පුළුවන් කියල අපි අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.  හැබැයි පුරුදු යෝගට් අලුත් රසකින් රසවිඳින්න කැමති ඔයාලට ගැළපෙන ඉන්දියන් ක්‍රමයට හදන රසම රස යෝගට් වර්ග කීපයක් හදන විදිහ...
බුරිටෝ (burrito) අපි අතර වැඩිපුර ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ කෙටි කෑමක් විදිහටනේ.  හැබැයි මේ රසම රස බුරිටො හදාගත්තොත් එය රස ගුණ පිරුණු සම්පූර්ණ උදේ හෝ රාත්‍රී කෑමක් පිළියෙල කරගත්ත වගේ ඔබට දැනෙයි කියල අපිට විශ්වාසයි. වැඩි වෙහෙසක් නැතුව පෝෂ්‍යදායී වගේම රසවත් ආහාරයක් පිළියෙල කරගන්න කැමති ඔබ වෙනුවෙන් ඔන්න පැය භාගෙන් හදාගන්න පුළුවන්...
වම්බටු කියන්නෙ අපි කවුරුත් හරිම ආසාවෙන් කන කෑමක්නෙ.  වම්බටු කිරට, මිරිසට වගේම වම්බටු මෝජු කියන්නෙත් ශ්‍රී ලාංකීය අපේ ගෙවල් වල කුස්සියට වගේම කෑම මේසෙරත් හරිම හුරුපුරුදු කෑම වර්ගනේ.  විශේෂ අවස්ථා වලට ගොඩක් වෙලාවට පිළියෙල වන පුරුදු වම්බටු මෝජුවෙන් එහා ගිහිල්ල වෙනස් කෑමක් හදන්න හිතන අපේ ගෘහණියන් වෙනුවෙන් රසම රස වම්බටු බැඳුම්...
තෝසෙ, පරාටා, බිරියානි වගේ සාම්ප්‍රදායික ඉන්දියානු කෑම බීම අතර නිතරම කියවෙන අතිශය ජනප්‍රිය කෑමක් තමයි තන්දූරි ක්‍රමයට හදන කුකුල් මස් කියන්නෙ. විවිධ ආපනශාලා වලින් විවිධ විදිහට පිළියෙල කරපු තන්දූරු චිකන් වගේම නිවසේදී පිළියෙල කරගත්තු තන්දූරි චිකන් පවා ඔබ රසවිඳල තියෙනව ඇති. හැබැයි, හරියටම සාම්ප්‍රදායික තන්දූරි චිකන් හදාගන්නෙ කොහොමද කියල දැනගන්න කැමති...
බිත්තර කියන්නෙ පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් වගේම ඉක්මණින් පිළියෙල කරගන්න පුළුවන් වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් තියෙන ආහාරයක් කියල ඔබ දන්නවනේ. හැබැයි අපේ දවසේ සමබර ආහාර වේලට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරගන්න හැමදාම බිත්තරම කන්නත් බෑනෙ නේද? බිත්තර නැතුව වෙනස් රසයක් දෙන ප්‍රෝටීන සහිත ආහාරයක් රසවිඳින්න කැමති ඔබට ඔන්න හරියටම ගැළපෙන විසඳුමක් අරගෙනයි මේ...
චිලි පේස්ට් (chili paste) කියන්නෙ අද වෙද්දි ශ්‍රී ලාංකික අපි අතර බොහොම ජනප්‍රිය කෑමක් බවට පත්වෙලා තියෙනවා.  චිලි පේස්ට් කියන ආහාරය මුලින්ම පිළියෙල කර ආහාරයට ගත්තේ චීන ජාතිකයන් කියල තමයි චිලි පේස්ට් වල අතීතය හොයාගෙන යද්දි එහි සඳහන් වෙන්නෙ. ඔවුන් සාම්ප්‍රදායික චිලි පේස්ට් හඳුන්වන්නෙ chiu chow යන නමින්.  අද වෙද්දි ආසියාතික රටවල්...
අවශ්‍ය ද්‍රව්‍ය: ළපටි වැටකොළු කරල් 1 පොල් අවශ්‍ය පමණ පොල් තෙල් ස්වල්පයක් රතු ළුණු ගෙඩි 4 ගම්මිරිස් කුඩු ටිකක් අමු මිරිස් කරල් 3 අබ ඇට ටිකක් කරපිංචා, කහකුඩු ස්වල්පයක් ලුණු,රම්පෙ සාදන ක්‍රමය: මේ සඳහා ළපටි වැටකොළු කරලක් ගන්න. දාර වැඩිය ඉවත් කරන්න එපා.යන්තමට අයින් කරන්න.පසුව පෙති කපාගන්න. අමු මිරිස් සහ රතු ළුණු සිහින්ව ලියාගන්න. ඒවාට ගම්මිරිස් කුඩු,කහ සහ ලුණු ස්වල්පයක් අනා ගන්න. මැටි ඇතිලියකට තෙල් ස්වල්පයක් ලිපේ තබා...