Cooking

කොස් ඇට කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන පහසුවෙන් හොයා ගන්නට පුළුවන් දේශීය ආහාරයක්. අපි අද කියලා දෙන්නේ කොස්ඇට වලින් මස් වගේ ම රසට කොස් ඇට කලු පොල් මාලුවක් හදාගන්න විදිහ. හරියට හැදුවොත් මේක එක්ක විතරක් බත් කන්න පුළුවන්. කොස් ඇට වල පිෂ්ඨය සහ ප්‍රෝටීන් බහුලයි. ශරීරය පෘෂ්ඨිමත් කරන්නට මේ කොස් ඇටවලට...
දැන් කඩේ අප්පවල කිසිම කිරි රසක් නැහැ නේ ද? ආප්ප කිරි රසට කන්න ආස ඔයාලට ඉක්මනින් ම රසට ආප්ප හදන්න පුලුවන් ආප්ප රෙසිපි එකක් අපි අරන් එන්න හිතුවෙ ඒකයි. මේ ද්‍රව්‍ය මේ ප්‍රමාණෙන් ම අරගන්න.එතකොට වරදින්නේ නෑ. අවශ්‍ය ද්‍රව්‍ය හාල් කෝප්ප 2ක් සීනි ටිකක් මද උණුසුම් වතුර ටිකක් ‍යීස්ට් තේ හැඳි 1.5 ක් පොල් බෑයක...
උදෑසන ආහාරය රසට වගේම ගුණටත් ගන්න එක ඉතාම නුවණට හුරු දෙයක්. හැමදාම බත්, පාන්, පිට්ටු, ඉඳි ආප්ප වගේ දේවල් ආහාරයට නොගෙන ටිකක් වෙනස් විදියේ පෑන් කේක් එකක් සහ පානයක් හදලා බලමුද? බතල පෑන් කේක් අවශ්‍ය දේවල්: බතල ගෙඩි 1 බිත්තර 2 වැනිලා තේ හැඳි 1  කුරුඳු කුඩු තේ හැඳි 1/2  සාදාගන්නා ආකාරය: මුලින්ම බතල ගෙඩිය හොඳට හෝදලා...
සැන්ඩ්විචස් කියන්නේ අපි හැමෝම කන්න කැමති ඉක්මනින් ම හදාගන්න පුලුවන් ආහාරයක්. ගෙදර තියෙන දේවල් වලින් දඩිබිඩි ගාලා හදාගන්න පුලුවන් සැන්ඩ්විචස් රෙසිපි කිහිපයක් තමයි මේ. අමුද්‍රව්‍ය ඉතාම අඩු ප්‍රමාණයක් වුණත් හරිම රසවත් රෙසිපි ටිකක් අද අපි අරන් එනවා. වෙජිටබල් සැන්ඩ්විචස් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පෙතිබටර් ස්වල්පයක්පිපිඥ්ඥා පෙති කිහිපයක්තක්කාලි පෙති කිහිපයක්සලාද කොළ කිහිපයක්ලුණු සහ ගම්මිරිස් හදන්නේ මෙහෙමයි බටර්...
අපි ඕට්ස් භාවිතා කරන්නේ උදෑසන ආහාරයක් ලෙසයි.ඇතැම් වෙලාවට ඕට්ස් කුකීස් වැනි දෙයක් ඕට්ස් වලින් සාදා ගත්තත් අතුරුපස සඳහා ඕට්ස් භාවිතා කරන අවස්ථා ඉතාම සීමිතයි.අද අපි ඔබට ඕට්ස් වලින් සාදා ගත හැකි සෞඛ්‍යාරක්ෂිත අතුරුපස ගැන කියන්නට සිතුවා. Chocolate oatmeal cake අවශ්‍ය ද්‍රව්‍ය ඩාක් චොකලට් ග්‍රෑම් 170 පොල් කිරි මිලි ලීටර් 375 ඕට්ස් කප් දෙකහමාරකට ටිකක්...
Onepot meals කියන්නේ ඔබ අතර ඉතා ජනප්‍රිය ආහාර විශේෂයක්. භාජන සේදීම අවම නිසා තරුණ ගෘහනියන් මෙයට ඉතාම මනාපයි. අපි මේ කියන්නේ onepot meals හැටියට උත්සව අවස්ථාවක භාවිතා කරන්න පුලුවන් වන්පොට් මීල්ස් කීපයක්. Mie Goreng මේ වෙනස් රසක නූඩ්ල්ස් එකක්. විශේෂත්වය තමයි වන්පොට් මීල් එකක් ආකාරයට සකසා ගන්න හැකි වීම අවශ්‍ය දේවල්: තම්බා ගත්...
මේ දිනවල ආර්ථිකය එක්ක අපිට කිසිම දෙයක් අපතේ දාන්න බෑ. උයමන් වලදී බත් ඉතුරු වෙනවානම් ඒ බත් අපතේ නොදා රසවත් කැවිලි වර්ග හදන හැටි ඔබට කියන්න අපි හිතුවා. එහෙනම් හදලා බලන්න. බත් අග්ගලා අවශ්‍ය දේවල්: වේලා ගත් බත් කප් එකක් පොල් බෑයක පොල් සීනි, හකුරු හෝ පැණි ලුණු  සාදාගන්නා ආකාරය: වේලා ගත්  බත් රන්වන් පාට වෙනතුරු කබලේ බදින්න. සිහින්ව...
වම්බටු යනු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාරයකි. වම්බටු ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් යුත් ප්‍රභේද රාශියක් ඇත. තද දම් පැහැති සමක් සහිත වම්බටු බහුලව දක්නට ලැබෙන අතර කොළ, සුදු පැහැ වම්බටු ද ලංකාවේ වෙළඳපොලේ ඇත.  වම්බටුවල පෝෂණීය අගය කැලරි අඩු ප්‍රමාණයකින් ම තන්තු, විටමින් සහ ඛනිජ ලවණ විශාල...
වර්තමාන කාර්‍යබහුල ජීවිතේ එක්ක මග හැරුණු නමුත් ඉතාම පෝෂණීය ආහාරය ලෙස කොළකැඳ හඳුන්වන්නට පුලුවන්. අපි ඔබට හාතාවාරිය කැඳවල ඖෂධීය ගුණ ගැන ලිපියක් පෙර සතියේදී ගෙන ආවා.  අද අපි කතා කරන්නෙ ගොටුකොළ කැඳ ගැන. දිගුකල් පවතින කැස්ස දුරු කරයි. දිගුකල් පවතින කැස්ස, chronic bronchitis, tuberculosis වැනි රෝග තත්ව වලට ගොටුකොල යුෂ කිරිත් සමග...
මේ වැස්සෙ දන්සැල් වඳින්න යන්න බැරි වෙන ඔයාලා හැමෝටම අද ගෙදර ම දන්සැල් බත් එකක් හදාගන්න හැටි කියා දෙන්නයි යන්නේ. ගෙදර තියෙන දේවල්වලින් ඉක්මනින් ම හරියට සුවඳට දන්සැල් බත් එකක් හදාගන්නෙ මෙහෙමයි  අවශ්‍ය ද්‍රව්‍ය කීරි සම්බා හාල්  500 g බීලූණු ගෙඩියක් කරදමුංගු  කරාබු නැටි  රම්පෙ  කුරුඳු පොතු කරපිංචා ගම්මිරිස් ඇට (කරදමුංගු, කරාබුනැටි, කරපිංචා, රම්පෙ, ගම්මිරිස් ඇට, පිරිසුදු රෙදි කැබැල්ලක...