සීනි නැතුව පැණිරස කමු

සීනි කියන්නේ කන්න ආස වුණොත් ඇබ්බැහිවන සුළු දෙයක්. ඒත් අධික සීනි පරිභෝජනය දියවැඩියාව, ස්ථූලතාවය වැනි ලෙඩ රෝග රැසකට අත වනනවා. ස්මාට් ලයිෆ්ස්ටයිල් එකකට පුරුදු වෙලා ඉන්න වර්තමානයේ බොහෝ දෙනා සීනි පරිභෝජනය බොහොම අවම කරලායි  තියෙන්නේ. කාන්තාවන්ට සමෙහි ගැටලු බොහොමයක් සීනි පරිභෝජනයෙන් වැළකුණු පසු විසඳුණ බව සඳහන්. අපි මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ පැණිරස කන්න ආස හිතෙන වෙලාවට සීනි නැතුව පැණිරසට හදාගන්න පුලුවන් රෙසිපි කීපයක්.

සීනි නැති පැණිරස බිස්කට් 

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප එකක්
  • ඇට සහ පොතු ඉවත් කළ රටඉඳි කෝප්පයක්
  • රටකජු කෝප්ප කාලක්
  • හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්
  • බිත්තරයක්
  • උණු වතුර කෝප්ප කාලක්
  • බටර් තේ හැන්දක්
  • බේකින් පවුඩර් තේ හැන්දක්
  • වැනිලා ටිකක්

හදන්නේ මෙහෙමයි

  • අවන් එක 175° C ට රත් කරන්න.
  • ද්‍රව්‍ය සියල්ල එක ගුලියක් වන සේ හොඳින් මිශ්‍ර කරගන්න.
  • පැය බාගයක් ශීතකරණයක තබා ගන්න. 
  • එළියට ගත් පසු ලෑල්ලක් තුනී කර අවශ්‍ය හැඩයට කපා ගන්න.
  • විනාඩි 10ක් බේක් කරගන්න.

සීනි නැති පැණිරස පුඩිං 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කිතුල් හකුරු හෝ කිතුල් පැණි 250g
  • බිත්තර 5ක්
  • කිරි කෝප්පයක්
  • වැනිලා තේ හැන්දක්

හදන්නේ මෙහෙමයි

සියල්ල හොඳින් මිශ්‍ර කර විනාඩි 30ක් හුමාලයෙන් තම්බා ගන්න.

සීනි නැති පැණිරස කේක් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන්පිටි කෝප්ප එකක්
  • කිරි කෝප්ප එකක්
  • බිත්තර එකක්
  • බටර් තේ හැඳි දෙකක්
  • බේකින් පවුඩර් තේ හැන්දක් 
  • හොඳින් ඉදුණු අන්නාසි ගෙඩියක්
  • පැණි කෝප්ප බාගයක්

හදන්නේ මෙහෙමයි 

අන්නාසි ගෙඩිය කුඩාවට කපා පැණිත් සමග මද ගින්නේ විනාඩි 10ක් පිස ගන්න. ඉතුරු ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩ් කරගන්න. බැටර් එකෙන් බාගය බැගින් ගෙන පෑන් කේක් දෙකක් සකසා ගන්න. ස්ටූ කළ අන්නාසි මැද්දට දමා කෑලි කපා ගන්න.

ඉඳහිටක පැණිරස කන්න හිතෙන විටක මේ රෙසිපි උත්සාහ කර බලන්න ඔබට පුලුවන්. 

Related Articles

Don't Miss


Latest Articles