නත්තල් මේසයට ජෙලිවලින් Dessert හදමු.

උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්..

ජෙලි ෆෘට්

අවශ්‍ය දේවල්

  • රතු කහ කොල වර්ණ ජෙලි පැකට් තුනක් ටින් කිරි ග්‍රෑම් 250ක්
  • ස්ටු කරගත් අන්නාසි ග්‍රෑම් 225ක්
  • චෙරි ග්‍රෑම් 300 ක්
  • ප්‍රෙෂ් ක්‍රීම් මි.ලී 120
  • මාෂ් මෙලෝස් ග්‍රෑම් 110

සාදන ක්‍රමය

  • ජෙලි පැකට් වෙන වෙනම දියකර ශීතකරණයේ තබා ඝන වූ පසු ඉවතට ගෙන කොටු කපන්න .
  • ෆ්‍රෙෂ් ක්‍රීම් බීට් කරගන්න.
  • චෙරි ,අන්නාසි ,මාස්මෙලෝස් ,ටින් කිරි සමඟ මිශ්‍ර කර පැත්තකින් තබා ගන්න.
  • වීදුරු බඳුනකට චෙරි ,අන්නාසි මාස්මෙලෝස් දමා ජෙලි වර්ග එකට කලවම් කරන්න.
  • මේ ආකාරයට තට්ටු තුනක් දමා ෆ්‍රෙෂ් ක්‍රීම් දමා එයට උඩින් කජු කැබලි දමා ශීතකරණයේ තබා පිළිගැන්වීමට පෙර සරසා පිලිගන්වන්න .

රිබන් ජෙලි පුඩිම

අවශ්‍ය දේවල්.

  • ටින්කිරි ටින් බාගයක්
  • වතුර ටින් කිරි ටින් එකකින් එකක්
  • ජෙලටින් ග්‍රෑම් 30
  • ලෙමන් ජෙලි පැකට් එකක්
  • ස්ටෝබෙරි පැකට් එකක්

සාදන ක්‍රමය

  • පුඩින් සකස් කරන බඳුන ගෙන එයට ස්ට්‍රෝබෙරි ජෙලි වලින් සකස් කර ගත් ජෙලි මිශ්‍රණය දමන්න.
  • සුදු වර්ණය සඳහා සාමාන්‍ය ජෙලි වලට වතුර ටිකක් දමා පොගවා ගෙන මිශ්‍රණය උනු වතුර බඳුනක තබා ඩබල් බොයිල් ක්‍රමයට උණු කරන්න.
  • ටින් කිරි සහ වතුර මිශ්‍ර කරන්න.
  • මෙය ජෙලි තට්ටුව උඩට දමා ශීතකරණයේ තබන්න.
  • කොළ වර්ණ ලෙමන් ජෙලි තට්ටුව අතුරා ගන්න.
  • මෙය ශීතකරණයේ පැයක් පමණ තබා ඝන වූ පසු පිගානක් මතට අනිත් පැත්ත හරවා ටින් කිරි ටිකක් උඩින් දමා පිළිගන්වන්න .

Related Articles

Don't Miss


Latest Articles