නත්තලට නිවසේදීම ඇපල් වයින් හදමු.

අවශ්‍ය දේවල්

  • ඉදුණු ඇපල් 2kg
  • සීතල වතුර
  • සීනි 1 1/2 kg
  • ලෙමන් ගෙඩි 2ක්
  • දොඩම් ගෙඩියක්

සාදාගන්නා ආකාරය

  • ඇපල් හොඳින් සෝදා ඇපල් වල පොතු ඉවත් නොකර කෑලි වලට කපන්න. හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අඹරා ගත් ඇපල් ලොකු භාජනයකට දමා වතුර දමා දමන්න.
  • භාජනයේ කට රෙදි කඩකින් වසා සතියක් තබන්න. දිනපතාම ලී හැන්දකින් කලවම් කරන්න
  • සතියකට පසු මිශ්‍රණය පිරිසිදු රෙදි කෑල්ලකින් වෙනත් භාජනයකට පෙරා ගන්න.
  • එයට සීනි එකතු කර ලෙමන් ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් ලෙල්ලත් සමග සිහින්ව කපා කලවම් කරන්න. සීනි දියවන තුරුම මිශ්‍රණය හැදිගාන්න. ඉන්පසු භාජනයේ කට වසා දවසක් තබන්න.
  • දවසකට පසු මිශ්‍රණය හොඳින් පෙරා වීදුරු බෝතල් වලට දමා ගන්න. බෝතල් මත ගසන පොරොප්පයක් බුරුලට ගසන්න.
  • ටික දවසකින් බෝතල් තුළින් සියුම් ශබ්දයක් නිකුත් වෙනවා.එවිට බෝතල් වල මුඩි තද කිරීම කරන්න. මාස හතරක් වත් අඳුරු තැනකින් පල්වීමට තබන්න.

Related Articles

Don't Miss


Latest Articles