උත්සව මේසයට ඩෙවල් වර්ග තුනක්.

දැල්ලෝ ඩෙවල්

අවශ්‍ය දේවල්:

  • දැල්ලෝ 500g
  • බී ළූණු
  • මාළුමිරිස්
  • අමුමිරිස්
  • තක්කාලි
  • සුදු ළූණු
  • කරපිංචා
  • ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • සීනි තේ හැදි 2ක්
  • ලුණු
  • සෝස් වර්ගයකින් මේස හැදි 4ක්
  • තෙල් ටිකක්

සාදාගන්නා ආකාරය:

  • දැල්ලන් සෝදා ගන්න.
  • එයට ලුණු, ගම්මිරිස් ටිකක් දමා තම්බන්න.
  • බීළූණු, මාළුමිරිස්, අමුමිරිස් ද කුඩාවට කපන්න.
  • සුදු ළූණු චොප් කරගන්න.
  • භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා එය රත් වූ පසු සුදු ළූණු එක් කර දැල්ලෝ දමා ටික වේලාවක් බැදෙන්නට හරින්න.
  • කරපිංචා, අමුමිරිස්, මාළුමිරිස් එකතු කර හොඳින් කලවම් කරන්න.
  • මඳ වෙලාවකට පසු ගම්මිරිස්, කෑලි මිරිස් එක් කර කලවම් කරන්න.
  • ඉන්පසු සීනි අවශ්‍ය පමණ, ලුණු සහ සෝස් එක් කර කලවම් කරන්න.
  • කුඩාවට කැපූ බීළූණු සහ තක්කාලි එකතු කරන්න.

කජු ඩෙවල්

අවශ්‍ය දේවල්:

  • සෝස් සහ සෝයා සෝස්
  • සීනි
  • කෑලි මිරිස්
  • ගම්මිරිස් කුඩු
  • ලුණු
  • අවශ්‍ය පමණ තෙල්
  • කජු මද
  • බී ළූණු
  • මාලු මිරිස් සහ බෙල් පෙපර්
  • තක්කාලි
  • ළූණු කොළ
  • චොප් කරගත් ඉඟුරු සහ සුදුළූණු

සාදා ගන්නා ආකාරය:

  • භාජනය ලිප තබා එයට තෙල් දමා ගෙන රත් කර ගන්න.
  • තෙල් හොඳින් රත් වූ විට කජු එක් කර බැද ගන්න.
  • තෙල් බේරිමට පසෙකින් තබා ගන්න.
  • වෙනත් භාජනයක් ලිප තබා තෙල් දමාගෙන ඉඟුරු සහ සුදු ළූණු බැද ගන්න.
  • බී ළූණු, බෙල් එපර්, ළූණු කොළ ද එක් කර තෙම්පරාදු කරන්න.
  • සෝස් සහ සීනි, ගම්මිරිස් කුඩු එක් කර සීනි දියවන තුරු කලවම් කරන්න.
  • කජු එකතු කරන්න.
  • ලුණු ද එකතු කරන්න.
  • වියළි මිරිස් එකතු කර ලිපෙන් බාගන්න.

මාළු ඩෙවල්

  • තලපත් මාළු 500g
  • ලොකු ළූණු
  • තක්කාලි
  • මාළු මිරිස්
  • අමුමිරිස්
  • කෑලි මිරිස්‌
  • ගම්මිරිස් කුඩු
  • දෙහි ගෙඩියක්
  • චොප් කරගත් ඉඟුරු සහ සුදු ළූණු
  • ලුණු
  • කරපිංචා
  • තක්කාලි සෝස්
  • සීනි
  • තෙල්
  • වතුර

සාදාගන්නා ආකාරය:

  • සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න.
  • එයට දෙහියුෂ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර මඳ වෙලාවක් තබා ගන්න.
  • භාජනයකට තෙල් දමා රත් කර මාළු බැද ගන්න.
  • තවත් භාජනයක් ලිප තබා තෙල් එක් කර සුදු ළූණු සහ ඉඟුරු බැද ගන්න.
  • කර පිංචා , බී ළූණු මාළු මිරිස් ද එකතු කරන්න.
  • කැලි මිරිස්, සෝස් සහ මාළු එයට එකතු කරන්න.
  • සීනි ද එකතු කරන්න.
  • ලිපෙන් ඉවත් කරන්න පෙර තක්කාලි එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles