නත්තල් මේසයට Mushroom pasta

උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්.

අවශ්‍ය දේවල්

  • තම්බාගත් පැස්ටා ග්‍රෑම් 125
  • එළවළු තම්බා ගත් ස්ටොක් කෝප්ප     භාගයක්
  • කළු හතු හෝ කැමති හතු වර්ගයකින් ග්‍රෑම් දෙසීයක්
  • තලාගත් සුදු ළූණු බික් දෙකක්
  • ශුද්ධ කර ගත් ඉස්සන් ග්‍රෑම් 300
  • ලුණු තේ හැදි බාගයක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
  • බටර් මේස හැඳි එකක්
  • කුඩාවට චොප් කර ගත් ලූනු ගස් කෝප්ප කාලක්
  • මාළු සෝස් තේ හැදි එකක්

සාදන ක්‍රමය

  • මුලින්ම භාජනයක් ලිප තබා එයට  තැම්බු එලවලු  ස්ටෝක්, හතු සහ සුදු ලූණු එකතු කර මිනිත්තු හතරක් පමණ පිස ගන්න.
  • ඉන්පසු එයට ඉස්සන් එක්කර ලුණු සහ ගම්මිරිස් රස පදමට දමා ඉස්සන් රෝස පැහැ වනතුරු පිසගන්න .
  • එයට බටර් දමා මිශ්‍ර කරන්න .
  • මෙයට තම්බා ගත්  පැස්ටා, මාළු සෝස් සහ කැබලි කැපූ ළූනු කොල එකතු කර හොදින් කලවම් කර උණුවෙන්ම සංග්‍රහ කරන්න .

Related Articles

Don't Miss


Latest Articles