නත්තල් මේසයට චීසි පාස්තා එකක් හදමු.

නත්තල් රාත්‍රී මේසය රස ගන්වන්න අපූරු චීසි පාස්තා එකක් හදලා බලමු ද? සූපවේදිනි චන්දි ලක්ෂිතා මහත්මිය තමයි ඔබ වෙනුවෙන් මේ අපූරු රෙසිපිය ගෙන එන්නේ.

අවශ්‍ය දේවල්

  • පැස්ටා 200g
  • බෙල් පෙපර්ස්
  • තක්කාලි
  • පාස්ලි
  • ක්‍රීම් චීස් මේස හැඳි 2
  • රස පමණට ලුණු
  • තක්කාලි / චිලි සෝස් මේස හැඳි 2
  • ෆ්‍රෙෂ් මිල්ක් අඬු කෝප්පයක්
  • කෑලි මිරිස් තේ හැඳි 2
  • ගම්මිරිස් තේ හැන්දක්
  • සීනි තේ හැඳි කාලක්
  • කුඩාවට කපා ගත් ලොකු ළූණු ගෙඩි බාගයක්
  • චොප් කරගත් සුදු ලූණු බික් තුන හතරක්
  • තෙල් මේස හැඳි 2-3

සාදා ගන්නා ආකාරය

  • ජලයට අවශ්‍ය පමණට ලුණු සහ තෙල් මේස හැන්දක් එක් කර පැස්ටා තම්බා ගන්න.
  • තක්කාලි සහ බෙල් පෙපර් සිහින්ව කපා ගන්න
  • පෑන් එකක් ලිප තබා තෙල් මේස හැදි දෙකක් දමා ගන්න.
  • රත් වෙද්දී සුදු ළූණු එක් කරන්න. බැදෙන්න හරින්න
  • ඉන්පසු ළූණු එකතු කරන්න
  • තක්කාලි ද එකතු කරන්න.
  • මද වෙලාවක් තැම්බෙන්න හරින්න.
  • බෙල් පෙපර් එකතු කරන්න.
  • කෑලි මිරිස්, ගම්මිරිස් එකතු කරන්න.
  • සෝස් ද එකතු කරන්න
  • තැම්බෙන්නට හරින්න
  • ඉන්පසු චීස් එකතු කරන්න, කිරි ද එකතු කරන්න.
  • මද ගින්නේ උතුරන්නට හැර සීනි එකතු කරන්න.
  • පාස්තා හොඳින් තැම්බුණු පසු උණුවතුර පෙරා ඇල් වතුරෙන් සෝදා ගන්න.
  • ඉන්පසු ඉහත පරිදි සාදා ගත් මිශ්‍රණය එකතු කරන්න.
  • කුඩාවට කැපූ පාස්ලි ඉස ගන්න.

Related Articles

Don't Miss


Latest Articles