අවන් එකක් නෑ කියල දුක් නොවී ගෙදරදීම  ස්පොන්ජ් කේක් එකක් හදා ගමුද?

ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන් ස්පොන්ජ් කේක් රෙසිපිඑකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි 200g
  • සීනි 200g
  • සූරියකාන්ත/එළවළු තෙල් 100ml
  • බිත්තර 3
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • බයි කාර්බනේට් ඔෆ් සෝඩා තේ හැඳි 1/8
  • වැනිලා එසන්ස් බිංදු 3

සාදන ආකාරය

  1. පළමුවෙන්ම ග්‍රයින්ඩර්එකට සීනි එක්කර පිටි බවට පත්වෙනතුරු බීට් කරන්න.
  2. ඊළඟට පාන්පිටි, බිත්තර, එළවළු තෙල්, බේකිං පවුඩර්, බයි කාර්බනේට් ඔෆ් සෝඩා, වැනිලා එසන්ස් එකතුකර හොඳින් මිශ්‍රකරගන්න.
  3. තෙල් ආලේපකරගත් තැටියකට මිශ්‍රණය දමාගන්න.
  4. පතුල පැතලි ගැඹුර පෑන් එකකට පිරිසිදු වැලි ස්වල්පයක් අතුරාගන්න.
  5. විනාඩි 5ක් පමණ අඩුගින්දරේ තබන්න. වැලි මදරස්නයක් ගත්විට කේක් මිශ්‍රණය දැමූ තැටිය එයමත තබා පියනකින් වසන්න.
  6. විනාඩි 20ත් 30ත් අතරවේලාවක් මදගින්නේ බේක් කරගන්න.
  7. හොඳින් බේක්වුණු පසු ලිපෙන් ඉවත්කර නිවෙන්නට තබා තැටියෙන් ඉවත්කරගන්න.

පොඩ්ඩො එක්ක නිවාඩු කාලෙදි හදන්න වගේම අවන් එකක් පාවිච්චිකරන්න බැරි අවස්ථාවකදී ස්පොන්ජ් කේක් එකක් හදාගන්න මෙම ක්‍රමය අත්හදාබලන්න. වැඩි විස්තර සඳහා පහත ඇති වීඩියෝබ බලන්න.

https://www.youtube.com/watch?v=xOa7usK6_Wg

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles