ජනවාරි පළමුවැනිදා කෑම මේසයට රසවත් බත් වර්ග තුනක්.

නව වසරේ මුල්ම කෑම මේසයට ඔබට වෙනස් රසයට රයිස් වර්ග කිහිපයක් හඳුන්වා දෙන්න smart lady අපි හිතුවා. මේ ඒ වෙනුවෙන් රෙසිපි කිහිපයක්.

ලෙමන් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තෙල් මේස හැදි 4
  • අබ තේ හැදි 1/2
  • කරපිංචා
  • ඉඟුරු
  • රටකජු
  • සිහින්ව ලියා ගත් ළූනු.
  • වියලි මිරිස් කරල් කිහිපයක්
  • ලුණු ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක්
  • ලෙමන් ඉස්ම මේස හැඳි හතරක් පහක්
  • පිසගත් බත් අවශ්‍ය පමණට.
  • කොත්තමල්ලි කොළ

හදන්නේ මෙහෙමයි:

අවශ්‍ය ප්‍රමාණයට බත පිස ගන්න. ඉන්පසු තෙල් භාජනයක් ලිප තබා අවශ්‍ය පරිදි රත් කරගෙන එයට අබ, කරපිංචා , කැබලි වලට කැඩූ වියළි මිරිස් , චොප් කරගත් ඉඟුරු , රටකජු, ළූණු , කහ, ලුණු එකතු කරන්න. ඉන්පසු ලෙමන් ඉස්ම දමා ගන්න. ඒ මිශ්‍රණයට බත් එකතු කර කලවම් කරගන්න.
මේ ලෙමන් රයිස් එක වැඩි වෙලාවක් ගත නොකර ඉක්මනින් පිස ගත හැකියි. හදිසියේ නිවසට එන අමුත්තන්ට චිකන් කරියක්, හතු ව්‍යාංජනයක්, කට්ලට් ටිකක් සමඟ පිළි ගන්වන්න ඔබට පුලුවන් .

මෂ්රූම් රයිස්

අවශ්‍ය දේවල්:

  • අවශ්‍ය ප්‍රමාණයට පිස ගත් බාස්මතී බත් ( ඔබ රයිස් එක සකසන දවසට පෙර දිනයේ පිස ශීතකරණයේ තබා ගන්න)
  • ඉඟුරු සහ සුදු ළූණු චොප් කර සාදා ගත් පේස්ට්
  • සෝයා සෝස් සහ සෙසමි ඔයිල්
  • විනාකිරි
  • සිහින්ව ලියා ගත් කැරට්
  • ලීක්ස් වල සුදු කොටස හා කොළ පාට කොටස වෙන වෙනම
  • බිත්තරයක්
  • කෑලි මිරිස් ටිකක්
  • සීනි ටිකක්
  • බට්න් මෂ්රූම්
  • සීසන් කර ගත් මස් කැබලි

හදන්නේ මෙහෙමයි:

  • සෝයා සෝස් වලට කෑලි මිරිස් සහ සීනි ටිකක් එකතු කර ගන්න.
  • චිකන් බැදගත් තෙලටම සෙසමි ඔයිල් එකතු කර එහි ඉඟුරු සුදු ළූණු පේස්ට් එක සහ බිම්මල් බැද ගන්න.
  • එයට සීසන් කළ චිකන් එකතු කරන්න.
  • බිත්තර ද එකතු කරන්න.
  • බිම්මල් හොඳින් බැදෙන විට කැරට් සහ ලීක්ස් වල සුදු කොටස එකතු කරන්න.
  • කැරට් තැම්බී එන විට බත් එකතු කරන්න.
  • සෝයා සෝස් වලින් සැකසූ මිශ්‍රණය, ලුණු සහ විනාකිරි එක් කර බත් හොඳින් කලවම් කර fry කර ගන්න.
  • අවසානයට ලීක්ස් වල කොළ පාට කොටස එකතු කරන්න.

අනියන් රයිස්

අවශ්‍ය දේවල්:

  • අවශ්‍ය ප්‍රමාණයට පිසූ බත්
  • සිහින්ව කපා ගත් ළූණු.
  • ඉඟුරු සුදුළූණු පේස්‍ට්
  • සුප් කැටයක්.
  • ලුණු
  • ගම්මිරිස්
  • තුනපහ කුඩු තේ හැන්දක්
  • තක්කාලි පේස්ට් ස්වල්පයක්
  • බටර් ටිකක්

හදන්නේ මෙහෙමයි:

  • භාජනයක් ලිප තබා එයට බටර් අවශ්‍ය පමණට එකතු කරන්න.
  • රත්වීගෙන එද්දී ඉඟුරු සුදුළූණු පේස්ට් එක එක්කර කලවම් කරන්න.
  • කපාගත් ළූණු එක් කර රන්වන් පාට වන තුරු බැද ගන්න.
  • ඉන්පසු ලුණු, ගම්මිරිස්, තක්කාලි පේස්ට්, සුප් කැට, තුනපහ එකතු කර කලවම් කර ගන්න.
  • ඉන්පසු බත් එක්කරමින් කලවම් කර ගන්න.

මේ රයිස් වර්ග තුනම බොහොම පහසුවෙන් , අඩු වෙලාවකින් ඔබට සකස් කර ගන්නට පුලුවන්. 

Related Articles

Don't Miss


Latest Articles