අලුත් අවුරුදු තේ මේසයට පැණි වළලු හදමු.

පැණි වළල්ලක රසයට පුංචි අය බොහොම මනාපයි. අලුත් අවුරුදු තේ මේසයට ලොකු පොඩි හැම කෙනාටම නැතුවම බැරි පැණි වළලු හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය-

  1. උඳු ඇට 250g
  2. සුදු හාල් පිටි 100g
  3. සීනි ( පැණි මිශ්‍රණයට)හෝ කිතුල් පැණි
  4. ලුණු ස්වල්පයක
  5. පොල්කිරි
  6. සීනි හැඳි 2ක්

සාදාගන්නා ආකාරය

  • උඳු ඇට පැය හයක් පමණ පෙඟෙන්නට තබා පොල් කිරි ටික ටික දමමින් කෑලි නොසිටින ලෙස කොටාගන්න.
  • ඉන්පසු හාල් පිටි හා උඳු මිශ්‍රණය එකට එකතු කර ලුණු, සීනි හා තවත් පොල්කිරි ස්වල්පයක් දමා ඝණ හෝ දියාරු නැති මිශ්‍රණයක් සාදාගන්න
  • එය පැය තුනක් හෝ හතරක් පිපෙන්නට තබන්න.
  • මිශ්‍රණය පිපුණු පසු පයිපින් බෑග් එකකට එම මිශ්‍රණය පුරවා රත් වූ තෙලට රවුමට වත්කරගන්න.
  • තෙල් වැඩිය රත් වෙන්නට දෙන්න එපා.තෙල් රත් වූ විට හැඩේ ගන්නට කලින් පිපී එන නිසා. සෑම විටම ගින්දර අඩුවෙන් තබන්න.
  • ඒ පැණි මිශ්‍රණය මුට්ටියකට දමා අඩු ගින්දරේ තබන්න අමතක කරන්නත් එපා.

පැණි වළලු හදන එක ඔබ හිතුවටත් වඩා ලේසි වැඩක් නේද..

Related Articles

Don't Miss


Latest Articles