ජනවාරි පළමුවැනිදා කෑම මේසයට ඩෙසර්ට් – රටඉඳි පුඩිම.

අවුරුදු කෑම මේසයකට ඩෙසර්ට් වර්ගත් තියෙන්නම ඕනෑ. මේ අපූරු ඩෙසර්ට් එකක් පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා පවුලේ අය සතුටට පත් කරන එක ඔබට බොහොම පහසු වෙයි.

රට ඉඳි පුඩිම

අවශ්‍ය දේවල්:

  • දුඹුරු සීනි ග්‍රෑම් 600,
  • බිත්තර 6,
  • මී පැනි ග්‍රෑම් 60,
  • නැවුම් එලකිරි මිලි ලීටර් 300
  • දියකරගත් බටර් ගෑම් 250
  • සුදු විනාකිරි ග්‍රෑම් 10
  • පාන් පිටි ග්‍රෑම් 450
  • බේකින් සෝඩා ග්‍රෑම් 14,
  • රට ඉඳි ග්‍රෑම් 15
  • වියලි පලතුරු කැබලි ග්‍රෑම් 100
  • ඉගුරුකුඩු ග්‍රෑම් 10

සාදාගන්නා ආකාරය:

පලමුවෙන්ම සීනි, බිත්තර, පැනි මිශ්‍ර කරන්න. දෙවනුවට එලකිරි, බටර්, විනාකිරි එකතුකරන්න. හොදින් කලවම් කර ඊට පසුව පාන් පිටි, බේකින් සෝඩා, රට ඉඳි, වියලි පලතුරු, ඉගුරු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. තැටියකට දමා අංශක 170 උෂ්ණත්වයට බේක් කරන්න.

රට ඉඳි සෝස්

අවශ්‍ය දේවල්:

  • දුඹුරු සීනි ග්‍රෑම් 200
  • කුකින් ක්‍රීම් ග්‍රෑම් 300,
  • බටර් ග්‍රෑම් 50
  • රට ඉඳි ග්‍රෑම් 50

සාදන ආකාරය:

පලමුව සීනි කැරමල් වනතෙක් රත්කර ඉන්පසු එයට කුකින් ක්‍රීම් එක්කරන්න.පසුව මෙයට බටර් හා රට ඉඳි පැනි එකතු කරන්න.
පුඩිම මතට මෙම සෝස් අතුරා පිලිගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles