පහසුවෙන් උදෑසන ආහාර සඳහා පිළියෙල කළ හැකි සැන්විච් වර්ග 4ක්.

කැරට් සහ බිත්තර සැන්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්
  • තම්බා ගත් කැරට් ගෙඩියක්
  • තම්බා ගත් බිත්තරයක්
  • බටර්
  • කරපිංචා
  • සුදු ලූණු
  • බොම්බයි ළූනු
  • මයෝනිස් සෝස්
  • අබ කුඩු ස්වල්පයක්
  • ලුණු සහ ගම්මිරිස් රස අනුව

සකසා ගන්නා ආකාරය

  • මුලින්ම තම්බාගත් කැරට් ගෙඩිය හීනියට ග්‍රේට් කරගන්න.එයටම තම්බා ගත් බිත්තරයද එක්කර පොඩි කරගෙන පසෙකින් තියන්න.
  • කරපිංචා සහ සුදු ලූනු ග්‍රයින්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගෙන බිත්තර සහ කැරට් මිශ්‍රණයට එක්කර මිශ්‍ර කරන්න.
  • ඊලඟට එම මිශ්‍රණයට හීනියට කපාගත් බොම්බයි ළූනු, මයෝනීස් සෝස්, බටර් ,ගම්මිරිස් සහ අබ කුඩු එක්කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන අවසානයට රස අනුව ලුණු ස්වල්පයක් එක්කරගන්න.
  • දැන් මෙම මිශ්‍රණය පාන් වල තවරාගන්න.

බිත්තර සැන්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාගෙට තම්බාගත් බිත්තර
  • බොම්බයි ළූනු
  • අමුමිරිස්
  • තක්කාලි
  • බටර්
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්
  • සලාද කොළ

සකසා ගන්නා ආකාරය

බාගෙට තම්බා ගත් බිත්තර හොඳින් පොඩි කරගන්න.
එයට හීනියට කපාගත් බොම්බයි ළූනු , අමුමිරිස් සහ තක්කාලි එක් කර මිශ්‍ර කරගන්න.
ඉන්පසු එයට බටර් සහ ගම්මිරිස් එක් කර මිශ්‍ර කර අවසානයේදී රස අනුව ලුණු එකතු කරන්න.
පාන් පෙත්තක් ගෙන එයට සෝදා පිරිසිදු කරගත් සලාද කොළයක් තබා ඒ මතින් බිත්තර මිශ්‍රණය තවරා තවත් පාන් පෙත්තකින් වසා ගන්න.

මාලු සැන්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සැමන්,ටූනා හෝ ඔබ කැමති මාලු වර්ගයක් ( තම්බාගත් මාලු)
  • සුදු ළූණු
  • බොම්බයි ළූනු
  • අමුමිරිස්
  • බටර්
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්

සකසා ගන්නා ආකාරය

  • මුලින්ම ඔබ ගන්නා මාලු වර්ගය හොඳින් පොඩි කරගන්න.
  • පසුව පෑන් එකක් ලිප තබා එයට බටර් වලින් ස්වල්පයක් දමාගන්න. බටර් රත්වුනු පසු එයට හීනියට කපාගත් සුදුළූණු එක් කරගන්න.
  • සුදුළූණු රන්වන් පැහැ වනවිට එයට පොඩි කරගත් මාලු එකතු කරගන්න.විනාඩි තුනක් පමණ එය බටර් වලින් බැදෙන්නට හැර ලිප නිවා ගන්න.
  • පිරිසිදු භාජනයක් ගෙන එයට සිහින්ව කපාගත් බොම්බයි ළූනු ,අමුමිරිස් සහ මාලු මිශ්‍රණය එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.( මාලු මිශ්‍රණය මදක් නිවෙන්නට හැර එකතු කරන්න)
  • පසුව එයට බටර් සහ ගම්මිරිස් එකතු කර අවසානයට රස අනුව ලුණු එකතු කරගන්න.
  • දැන් එම මිශ්‍රණය පාන්වල තවරා ගන්න.

මෙම සියලු සැන්විච් වර්ග සෑදීමේදි ඔබට කැමති නම් පාන් ටෝස්ට් කර වුවද සැන්විච් සකසා ගත හැක.

Related Articles

Don't Miss


Latest Articles