දීප්තිමත් සමක් ලබා ගන්න කැමති නම් නිවසේදී මේ විදියට ඔයිල් මසාජ් එකක් කරන්න.

මිහිරි සංගීතයත්, සෞම්‍ය ආලෝකයත් සමඟ බොඩි මසාජ් එකක් කියන්නේ ම කාර්‍යබහුල ඔබේ මනසත් සිරුරත් වඩාත් සැහැල්ලුවට පත් කරන්නක්. සැහැල්ලු වීම හැරුණු විට බොඩි මසාජ් එකකින් ඔබට ලැබෙන වාසි බොහොමයි. ගෙදරදී ම නිවැරදිව ඔයිල් මසාජ් එකක් කරන්නේ කොහොමද කියා අපි බලමු.

බොඩි ඔයිල් මසාජ් එකකින් ඔබට ලැබෙන වාසි මොනවාද ?

ඔබේ සිරුරේ නම්‍යශීලී බව වැඩි වෙනවා

බොඩි ඔයිල් මසාජ් එකකින් මාංශ පේශි මත තෙරපීමක් ඇතිවන විට ඒවායෙහි ක්‍රියාකාරිත්වය වඩාත් හොඳින් සිදුවනවා. එමගින් පේශිවල නම්‍යශීලීබව හොඳින් වැඩි වෙනවා.

ඔබේ මනස සැහැල්ලු වෙමින් විශාද තත්ත්වයන්ට පවා සහනයක් ගෙන දෙනවා.

බොඩි ඔයිල් මසාජ් එකක් නිවැරදි තෙරපුමකින් සිදු කරන විට හෝමෝන නිසි පරිදි ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. දීර්ඝ කාලීන දුක් සහිත බවට බොඩි ඔයිල් මසාජ් එකක් වඩාත් ගැළපෙන්නේ ඒ නිසායි.

සිරුරේ විවිධ වේදනාවන් සමනය කරනවා.

සිරුරේ මාංශ පේශිවල නිසි ක්‍රියාකාරිත්වයට මෙන් ම රුධිර සංසරණය හොඳින් සිදු කරන්නටත් බොඩි ඔයිල් මසාජ් එකකට පුලුවන්. එමගින් සිරුරේ විවිධ තැන්වල ඇති වේදනාවන් හොඳින් සමනය කරනවා.

ඔබේ සම පැහැපත් වෙනවා.

ඔබ බොඩි ඔයිල් මසාජ් එකක් සිදු කරන විට සිරුරේ සෑම තැනක්ම තරමක තෙරපුමක් සහිතව රවුමට ඇතිල්ලීමක් සිදු වෙනවා. එය සිරුරේ ඇති මැරුණු සෛල ඉවත් වන්නට උපකාරී වනවා. සමෙහි අඳුරු පැහැය ඉවත් කර සෞඛ්‍යමත් ව පැහැපත්ව තබාගන්නට බොඩි ඔයිල් මසාජ් එක උදව් වන්නේ ඒ අයුරින්.

රුධිර නාල උත්තේජනය වනවා.

මෙම මසාජ් වලදී ඔබේ රුධිර නාල උත්තේජනය වනවා. එනිසා රුධිර සංසරණය මැනැවින් සිදු වනවා. එය කයට මෙන් ම මනසටත් වඩාත් යහපත් අයුරින් බලපානවා.

ඉතා සුවපහසු ගැඹුරු නින්දක් ලැබෙනවා.

බොඩි ඔයිල් මසාජ් එකකින් පසු ඔබේ සිරුරත් මනසත් එකසේ නිදහස් සහ ඉහිල් කරනවා. එය ඔබට ඉතා සුවපහසු ගැඹුරු නින්දක් රාත්‍රීයේදී ලබා දෙනවා.

බොඩි ඔයිල් මසාජ් එකකට සුදුසු ඔයිල් වර්ග මොනවාද?

තලතෙල්

තලතෙල් වඩාත් සුදුසු වන්නේ සීත කාලයේදී යි. එය ඉතා උකුයි. මේවා සමෙහි රැළි වැටුණු ස්වභාවය අඩු කරමින් සම දීප්තිමත් කරනවා. හිස් කබලෙහි ඉස්සොරි තත්ත්වය අවම කරන්නටත් තලතෙල්වලට හැකියාව තිබෙනවා.

ජොජොබා තෙල්

ජොජොබා තෙල් වඩාත් සුදුසු වන්නේ උණුසුම් දේශගුණයක් සහිත අවස්ථාවලදී යි. එය මෘදු සුවඳකින් යුක්තයි. මෙය නොඇලෙන සුළු ලිහිල් තෙල්වර්ගයක්. අප සිරුරේ pH අගයට මැනැවින් ගැළපෙන නිසා සමට ඉතා හිතකරයි.

පොල්තෙල්

පොල්තෙල් බොහොමයක් රූපලාවන්‍ය නිෂ්පාදනවලදී හමුවෙන තෙල්වර්ගයක්. සමට ඉතාම හිතකර වන අතර රැළි වැටීම් වළක්වන්නටත්, සමෙහි තෙතමනය රැකගන්නටත් පොල්තෙල්වලට හැකියාව තිබෙනවා. කොණ්ඩයටත් ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.

සූර්යකාන්ත තෙල්

සෞම්‍ය මෙන්ම උකු නොවන සූර්‍යකාන්ත තෙල් සමට ඉක්මනින් ම උරාගන්නවා. සමෙහි ඇති විශබීජවලට එරෙහි වන්නටත් මේවාට පුලුවන්. එමෙන්ම සමෙහි තෙතමනය රැකගනිමින් රැළි වැටුණු ස්වභාවය අවම කරන්නටත් සූර්‍යකාන්ත තෙල්වලට හැකියාව තිබෙනවා.

ගෙදරදී ම බොඩි ඔයිල් මසාජ් එකක් නිවැරදිව කරන්නේ කොහොමද?

  • ඔබ කැමති තෙල්වර්ගයක් තෝරාගෙන එය ඩබල් බොයිල් ක්‍රමයට තරමක් රත් කරගන්න.
  • එය සිරුරට උණුසුම් වැඩි නොවන බවට තහවුරු කරගන්න.
  • බාධා නොවන, අධික ආලෝකය නැති සෞම්‍ය ආලෝකයක් සහිත ස්ථානයක් තෝරාගන්න. හැකිනම් මනස සුවපත් වන සංගීතයක් ද ඇසෙන්නට සලස්වා ගන්න.
  • හිසේ සිට තෙල් තවරමින් ක්‍රමයෙන් මසාජ් කරන්නට පටන් ගන්න. ඒ සඳහා ඔබේ ඇඟිලි තුඩු යන්තම් තෙරපමින් මසාජ් කරන්න.
  • එලෙස දෙපතුල දක්වා මුළු සිරුරම සෙමින් සෙමින් මසාජ් කරන්න. මේ සඳහා පැයක් පමණ යොදාගන්න.
  • මද උණුසුම් වතුරින් හොඳින් නාගන්න. සැර නැති සෞම්‍ය සබන් වර්ගයක් භාවිතා කරන්න.
  • බොඩි ලෝෂන් එකක් මුළු සිරුරේම ආලේප කරගන්න.

ඔබේ මනසත් කයත් සුවපත් කරන බොඩි ඔයිල් මසාජ් එකක් නිවැරදිව නිවසේදී ම කරගන්නට හැකියාව දැන් ඔබට තිබෙනවා. සතියකට වරක්වත් බොඩි ඔයිල් මසාජ් එකක් සිදු කරගෙන එහි ප්‍රතිලාභ අත්විඳින්න.

Related Articles

Don't Miss


Latest Articles