ඔබේ දරුවන්ගේ ජීවිත දිනවන්න නම් මේ වැදගත් කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

දරුවන්ගේ සාර්ථකත්වය තරම් දෙමව්පියන් සතුටු වෙන තවත් දෙයක් මේ ලෝකයේ තියෙනවද කියා හොඳින් හිතා බලන්න.නැහැ නේද?ඒ නිසා මෙන්න මේ කරුණු ඔබේ ආදරනීය දරුවා සාර්ථක ගමනක් කෙරෙහි මෙහෙයවීමට හරිම වැදගත් වේවි.

හොඳම අසල්වැසියන්,මිතුරන් දරුවන්ට ලබාදීම ගැන සැලකිලිමත් වන්න.

කුඩා දරුවෙක් වර්ධනය වන විට ඔහුගේ පරිසරය හරිම වැදගත්.ඒ නිසා ඔබ ජීවත්වන්නේ එනම් පරිසරයක දෙයක්ම දරුවාගේ අනාගතයට බෙහෙවින්ම බලපානවා.නිතරම රණ්ඩු සරුවල් කරන මිනිසුන් ,වැරදි ක්‍රියාකාරකම් කරන මිනිසුන් මැද දරුවා යහමගට ගැනීම තරමක් අසීරු කාරණයක් වනවා.

ඔබ ,ප්‍රීතිමත් ,ආතතියෙන් තොර කෙනෙකු බවට පත් වන්න.

නිතරම සතුටින් සිටින්නේ කෙසේදැයි කියා ඔබ අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුමයි.ඔබේ සතුට,ඔබේ ධනාත්මක බව නිතැතින්ම දරුවාට බෝ වෙනවා.ඒ වගේම දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අවශ්‍ය මානසික සුවය පවත්වාගැනීම හරිම වැදගත්.කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වන කැරොලින් සහ පිලිප් ප්‍රමුඛ පර්යේෂකයන් පවසන්නේ සතුටින් සිටින දෙමාපියන් නිතරම සතුටින් සිටින දරුවන් නිර්මාණය කිරීමට දායක වන බවයි.

නිවසේ වගකීම් දරුවන් සමග බෙදා ගන්න.

නිවසේ එදිනෙදා කටයුතුවලින් දරුවන් නිදහස් කිරිම ආදරය ලෙස බොහෝ දෙමාපියන් වරදවා අර්ථකථනය කරනවා.පවුලේ සාමාජිකයෙකු නම්,එහි දරුවෙකුට පවා කළ හැකි භූමිකාවක් තිබෙන බව කුඩා කාලයේදීම දරුවන්ට වටහා දීම හරිම වැදගත්.දරුවන් යනු පිටසක්වලින් පැමිණි අමුතු ජීවීන් නෙවෙයි.ඔවුන් ඉපදුණු දා සිට ම පවුලක් හා බැඳෙනවා.ඒ නිසා පවුලක යුතුකම්
සහ වගකීම් ඔව්න් ඉගෙනගත යුත්තේ පවුලේ කටයුතු වලට සහභාගි වීමේන්.

කියවීම හුරු කරවන්න.

දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇති කරවීම හරිම වැදගත්.එය ඔවුන්ගේ දැනුම මෙන් ම රසය වඩාත් පුළුල් කරවීමට සමත් වනවාසේම ලෝකයේ අලුත්ම අවස්තාවන් සොයා යාම කෙරෙහි පොළඹවනවා .

ඔවුනට ඉලක්ක තබා ගැනීමට කියා දෙන්න.

තමන්ට සුදුසු ඉලක්ක හඳුනා ගැනීමත් ,ඒවාසාර්ථක ලෙස අත්පත් කරගැනීමටත් කුඩා කාලයේ සිටම පුරුදු වන දරුවන් අනාගතයේදී ඉතාමත් දක්ෂ වැඩිහිටියන් බවට පත් වීම හරිම සාමාන්‍ය දෙයක්.දරුවාගේ වයසට ගැළපෙන ලෙස ඔහුගේ ඉලක්කයන් හඳුනා ගැනීමට පෙළඹවීම වැදගත් .

සෞඛ්‍යයමත් ජීවිතයක් පවත්වා ගැනීම කෙරෙහි පුහුණු කරන්න.

සෞඛ්‍යමත් ජීවිතයක් කියන්නේ අද විශේෂ අවශ්‍ය දෙයක් .ඔබේ ජීවිතය සෞඛ්‍යමත් නම් ඔබ ජීවිතයෙන් අඩක් සතුටින් පුරවාගෙන දැනටමත් සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ.ඒ නිසා නිරෝගී දරුවෙක් කියන්නේ සුපිරි අනාගත ආයෝජනයක්.

Related Articles

Don't Miss


Latest Articles