මුළුතැන්ගෙය ස්මාර්ට් කරන “කිචන් ටිප්ස්.”

දක්ෂ ගෘහනියක් දැනගෙන සිටිය යුතුම රහස් රැසක් ගැන මේ ලිපියෙන් දැන ගන්න ඔබට පුලුවන්.

බිත්තර නරක් නොවීමට

බිත්තර කටුව කටුවට පොල්තෙල් ස්වල්පයක්  ආලේප කොට තබන්න .බිත්තර නරක් නොවී කල් තබා ගන්නට පුළුවන්.

මුලින්ම ගාන බෑය

පොල් ගෙඩිය බිඳ පාවිච්චි කිරීමේදී සිදුරු ඇති පැත්ත මුලින්ම ප්‍රයෝජනයට ගන්න .නැත්තම් ඉක්මනින් නරක් වීමට පුලුවන්.

සෙවල ගතියට.

බණ්ඩක්කා පිසින විට එහි සෙවල ගතිය නැති කර ගැනීමට ගොරකා කැබැල්ලක් එක් කරන්න.

රස කිරි තේ.

කිරි  තේ වලට කරාබු නැටි දෙක තුනක් තළා දැමූ විට  එයට ප්‍රනීත රසයක් ලැබෙනවා.

අඩන්නෙ නැතිව ළූණු සුද්ද කරමු.

ළූණු ශීතකරණයෙන් මද වේලාවක් තබා සුද්ද කිරීමට ගත්තොත් අඬන්නේ නැතුව සුද්ද කරගන්න පුළුවන්.

ඉක්මනින් නරක් නොවීමට.

දෙහි සහ අමු මිරිස් අමු මිරිස් එකට තැබූ විට අමුමිරිස් ඉක්මනින් නරක් වනවා.එනිසාඒනිසා මේ දෙක වෙනම තබන්නට වගබලා ගන්න .

මස් වලට.

ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින්ම මෘදු  කර ගන්නට අවශ්‍ය නම් විනාකිරි හෝ පොල් වතුරේ ගිල්වා මද වේලාවක් මඳ වේලාවක් තබන්න .ඉක්මනින් මෘදු බවට පත් වෙනවා.

තැලුණු තක්කාලි

තැලුන තක්කාලි ලූණු ටිකක් ලුණු ටිකක් මිශ්‍ර කර සිසිල් ජලයේ රැයක් ගිල්වා තබන්න .නැවත සවිමත් ස්වභාවයක් ලැබෙනවා .

ලස්සන ඔම්ලට්

බිත්තර ඔම්ලට් සෑදීමේදී පාන් පිටි ටිකක් එකතු කළහොත්  හොඳින් පිපෙනවා. ලස්සනටත් තියෙනවා .

පිලීගඳ නැහැ

කේක් එකේ බිත්තර පිළීගඳ  නැතිවීමට ගසා ගත් බිත්තර වලට එසන්ස් ටිකක් එකතු කරන්න බිත්තර පිටි මිශ්‍රණයට එක්කරන්න කලින් තමා මේ සිදු කළ යුත්තේ .

Related Articles

Don't Miss


Latest Articles