ඔබේ සිරුරේ බර ඉක්මනින් අඩුකරන්න මේ විස්මිත පානයට පුලුවන්.

ඉක්මනින් බර අඩු කරගන්න අපි කවුරුත් කැමතියි.නමුත් රැකියාවන් එක්ක කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අයට ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න එක හෝ ජිම් එකකට යන්න කාලය සොයාගැනීම හරිම අපහසු වැඩක්.ඉතින් මේ කියන්න හදන්නේ ඉතා පහසුවෙන්ම නිවසේදීම ඔබේ බර අඩු කරගන්න පුලුවන් සුලු වේලාවක් ඇතුලත සකසා ගන්න පුලුවන් පානයක් ගැනයි.

මුලින්ම අපි බලමු මොනවද මේ Detox Water කියන්නේ කියලා.

සාමාන්‍යයෙන් අපි දවසට වතුර ලීටර් දෙකක් හෝ තුනක් පානය කල යුතුයි කියලා සම්මතයක් තියනවා.ඉතින් එහෙම වතුර පානය කරන්න අකමැති කෙනෙකුට මේ Detox Water කියන්නේ හොඳ උපක්‍රමයක්.ඒ විතරක් නෙමෙයි අපේ ශරීරයේ ඇති විශ ඉවත් කරන්න වගේම ආහාර වලින් ශරීරයට ඇතුල්වන අහිතකර විශ ඉවත් කරන්නත් මේ Detox Water වලට හැකියාව තියනවා. සමෙහි තෙතමනය ආරාක්ශා කිරීම සහ බර පාලනය කිරීමත් මෙමගින් සිදු වෙනවා.විවිධ එළවලු ,පලතුරු වර්ග මෙම පානය සැකසීම සඳහා බොහෝ දෙනා භාවිතා කරනවා.

මේ ලිපියෙන් ඔබට කියන්නෙ යන්නේ තරමක් වෙනස් ,ඉක්මනින් සකසා ගන්න පුලුවන් Detox Water එකක් ගැනයි.

Apple Cider Vineger Detox Drink

මෙම detox drink එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ ඇපල් සයිඩර් විනාකිරි ය.එම නිසා ඇපල් සයිඩර් විනාකිරි මිලදි ගැනීමේදි හොඳ වෙළඳ නාමයක් යටතේ ඇති විනාකිරි මිලදි ගැනීමට ඔබ විශේෂයෙන් වග බලාගත යුතුය.

මෙම detox drink එක සාදා ගන්න ඔබට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා දැන් බලමු

  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි දෙකක්
  • දෙහි හෝ ලෙමන් යුශ තේ හැඳි දෙකක්
  • මී පැණි මේස හැඳි එකක්
  • වතුර වීදුරුවක්

මේ අමුද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කර දිනපතා රාත්‍රී නින්දට පෙර ඔබ පානය කල යුතු වෙනවා.

මෙම පානයෙන් ඔබට ලැබෙන වාසි මොනවද කියලා බලමු.

  • තරබාරු බව අඩුවීම
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යාමට හැකි වීම
  • කුසගිනි දැනෙන ප්‍රමාණය අඩු වී ආහාර රුචිය පාලනය කිරීම
  • කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැකි වීම
  • රුධිරයේ පවතින සීනි මට්ටම අඩු කරගත හැකි වීම
  • අක්මාව හොඳින් පිරිසිදු කිරීම
  • උදරයේ තැන්පත් වන මේදය දහනය කිරීම
  • ශරීරයේ ඇති හානිකර බැක්ටීරියා සහ වෛරස් විනාශ කිරීම

මෙම පානය භාවිතා කිරීමට පෙර ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු

  • මෙහිදී ඔබ විසින් සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණක් නම් ඔබ ගැස්ට්‍රයිටිස් රෝග තත්වයෙන් පෙලෙනවා නම් මෙය ඔබට මෙය සුදුසු පානයක් නොවේ. මන්ද මෙය තරමක් ආම්ලික ගතියෙන් වැඩි පානයක් වන බැවිනි.
  • මෙමගින් රුධිරයේ සීනි මට්ටම අඩු කරන නිසා ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු තත්වයක පවතිනවා නම් මෙම පානය භාවිතා කිරීමෙන් වැලකී සිටින්න.
  • මෙන්ම ඔබ ගර්භණී මවක් හෝ කිරිදෙන මවක් නම් මෙවැනි පාන වර්ග භාවිතයට පෙර වෙද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා.
  • එමෙන්ම ඉහත පානය සදහා භාවිතා කරන අමුද්‍රව්‍යයන් භාවිතයේදි ආසාත්මිකතා තත්ව කලින් ඇති වී තිබෙනව නම් මේ පානය ඔබට නුසුදුසුයි.
තොරතුරු |
චතූ සිල්වා ( Cosmo Beauty Studio )
තොරතුරු |
චතූ සිල්වා ( Cosmo Beauty Studio )

Related Articles

Don't Miss


Latest Articles