බල ලෝභී කෘරත්වය හමුවේ වියැකී ගිය සිංහලයේ කඳුළු බිංදුව හෙවත් දෝන කතිරිනා බිසව.

0
121

මහනුවර රාජධානියේ විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමය සහිත බිසව වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා බිසවයි. නමුත් ඇගේ කතාව නම් කිසිසේත්ම සුන්දර එකක් නෙවෙයි. ඇය කෝට්ටේ රජ පවුලට අයත් කුමරියක්. සිරිසඟබෝ රාජ්‍ය වංශයට උරුමකම් කියන දෝන කතිරිනා බිසවගේ මව අස්ථාන දේවිය වූ අතර පියා කරලියද්දේ බණ්ඩාරයි.

දෝන කතිරිනා කුසුමාසන දේවිය ලෙස උපත ලබන්නේ රට ඉතා අස්ථාවරව පැවති කාලයක.ඇගේ පියා වූ කරලියද්දෙ බණ්ඩාර සීතාවක රාජසිංහ රජුගෙන් සැඟව හිඳින අතර පෘතුගිසීන්ගෙන් උදව් ලබාගැනීම සඳහා රජ පවුලම කතෝලික ආගම වැළඳ ගන්නවා. ඒ කුසුමාසන කුමරිය ළදැරියක් කාලයේ.ඒ අතර සීතාවක රජුගෙන් ආධාර ලැබුණු වීරසුන්දර බණ්ඩාර කරලියද්දේ රජුට විරුද්ධව කැරලි ගසන්නට පටන් ගන්නවා ඒ තම පුතු වූ කොනප්පු බණ්ඩාර හා උඩරට වැසියන් සමග එක් වී.වීරසුන්දරගෙන් ගැලවෙන්නට කරලියද්දේ රජුට සිය පවුල රැගෙන ත‍්‍රිකුණාමලයට පැන යන්නට සිදු වෙනවා. වසූරිය නිසා රජු සහ දේවිය එහිදී මිය යනවා.

තුන් හැවිරිදි කුඩා කුමරිය සහ ඇගේ මස්සිනා වූ යමසිංහ බණ්ඩාර මන්නාරමේ පරංගි බලකොටුවට ගෙන යනවා. ඇය එහි පෘතුගීසි රජ කුමරියක සේ අධ්‍යාපනය හදාරමින් කිතු දහම ද ඉගෙන ගන්නවා. පෘතුගීසින්ට අවශ්‍ය වන්නේ දෝන කතිරිනා කුමරිය පරංගි සෙන්පතියකුට විවාහ කර දී ඇය කන්ද උඩ රට රූකඩ රැජිනක් බවට පත් කරන්නටයි.

කොනප්පු බණ්ඩාර සමඟ සෙබළුන් උඩරටට යවා යමසිංහ බණ්ඩාර රජ කරන්නට පරංගි ක්‍රියා කරත් යමසිංහ බණ්ඩාර මාස හයක රජකමට පසු මිය යන්නේ කොනප්පු බන්ඩාරගේ කුමන්ත්‍රණයක් නිසා.පෘතුගීසින් කතිරිනා කුමරිය උඩරට නාමමාත්‍රික රැජිනක් බවට පත් කරන්නේ ඉන්පසුවයි
ඒ අතර සීතාවක රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් ඇනී මිය යන්නටත් කොනප්පු බණ්ඩාරගේ සම්බන්ධයක් වූ බව කියැවෙනවා.දන්තුරේ සටනට පසු කොනප්පු බණ්ඩාර බලහත්කාරයෙන් දෝන කතිරිනා සරණපාවාගෙන පළමුවැනි විමලධර්මසූරිය නමින් රජ වෙනවා.

කියවන්න :  Chat with Smartlady - තිළිණි පෙරේරා

මේ රාජකීයයන්ගේ ඊළඟ ප‍්‍රධාන කටයුත්ත වූයේ අනාරක්ෂිතව තිබූ දළදා වහන්සේ නුවරට වැඩම වීමයිරජ වාසල අසලින්ම දළදා මාලිගය ඉදි කරවනවා. අදටත් බොහෝ වැඳුම් ලබන මැණික් පිළිම වහන්සේ පූජා කරන්නේත් කතිරිනා දේවියයි.

මේ කාලයේ මාලිගාවේ සිටින බොහෝ අය නිසා රැජින මහත් මානසික ආතතියෙන් පසු වූ බව කියවෙනවා. විමලධර්මසූරිය රජු කෑගල්ලේ මාලිගාවක් තනා බිසව එහි යවන්නේ ඒ නිසා. ඉන්පසු කුසුමාසන දේවිය යන නම භාවිතා කරන බිසවට දියණියන් දෙදෙනෙක් සහ පුතෙකු ද ලැබෙනවා.

විමලධර්මසූරිය රජු මියයෑමෙන් පසු කතිරිනා බිසව තවත් මානසික පීඩාවකට ලක් වෙමින් ඈ වඩා අප්‍රිය කළ පුද්ගලයෙකු වූ රජුගේ ඥාති සහෝදර සෙනරත් හා විවාහ වන්නට සිදු වෙනවා.ඔහු බිසව දූෂණය කර කැමති කර ගත් බවත් සමහර ඉතිහාස කතා සඳහන් කරනවා.විමලධර්මසූරිය රජු මිය යන්නට විශාල කුමන්ත්‍රණයක් සිදු වූ බවත් ඒවාට සෙනරත් සම්බන්ධ බවත් ඉතිහාසය සාක්ෂි දරනවා.

කියවන්න :  අලුත් විනෝදාංශයක් අරඹමුද?

ඇගේ වැඩිමල් පුතු සෙනරත්ගේ තවත් නිහීන ක්‍රියාවක් නිසා මිය යාමත් ඒ අතරේ ඇගේ දියණියන් සෙනරත් අතින් අපයෝජනය වීමත් කුසුමාසන දේවිය දැඩි ආතතියට ලක් වන්නට හේතුවක් වුණා. ගැබිණියක් වූ ඇය කලකිරීමෙන් කෑගලු මාලිගාවට යන්නේ පුතුගේ අළු බඳුන ද රැගෙනයි.තේරෙන වයසට පැමිණි පසු ඇගේ දෙවැනි දියණිය දුෂ්ට මහල්ලෙකු වූ සෙනරත් තමන් පාවිච්චි කරමින් මවට රිදවූ අන්දම ගැන බොහෝ දුක් වී තිබෙනවා.දෙවැනි රාජසිංහ රජුට උපත ලබා දුන් කුසුමාසන දේවිය අවුරුදු තිස් හයේදී මිය යන්නේ කෑගල්ලේ වැලිමන්නාතොට මාලිගාවේ හිතවත් කුරුවිට රාලගෙන් එතුමිය අවසන් ඉල්ලීමක් කරනවා.ඒ සමාදානයේ සැතපෙන්නට අවශ්‍ය නිසා ඇයව භූමදානය කරන ලෙස සහ තමන් මේ ලෝකයේ වඩාත්ම ආදරය කළ පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලය තම අසලින් තබන ලෙසත් ය.

සිංහලයේ සිටි බලවත් පාපතර රජු ලෙස හඳුන්වන සෙනරත් අතින් අසාධාරණයට ලක් වූ කුසුමාසන බිසව රැජිනක ලෙස නොව දුෂ්ට පිරිමියෙකු නිසා ආතතියට ලක් වූ කාන්තාවක වී අඩු වයසින් මිය යාම කිසිසේත් සුන්දර ඉතිහාස කතාවක් නෙවෙයි.

බලය සහ තවත් දේට කෑදරකම් කරන ආදරය නොහඳුනන පිරිමින් අතින් මනසින් මැරී ගොස් ඉතා ඉක්මනින් කය ද මිය යන ගැහැනුන් වූ කතිරිනාලා ඉතිහාසය අලුත් කරමින් අදත් ජීවත් වෙනවා. හෙටත් එය එසේ නොවේවිද?

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments